Wednesday, August 9, 2017

රංගන ශිල්පිනියක් වුණාම හැමෝගෙම පෙම්වතියක් වෙන්න වෙනවා – ලක්ෂිකා ජයවර්ධන



ලක්ෂිකා ජයවර්ධන කියන්නේ පුුංචි තිරය හරහා රසිකයින් අතරට ආපු දැන් කවුරුත් දන්න නිළියක්. රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් ලක්ෂිකා කටයුතු කරනවා. ඉතිං ලක්ෂිකාගේ අලුත්ම තොරතුරු ගැන අහලා බලන්න අපි ලක්ෂිකා ජයවර්ධන සමඟ සුහද පිළිසදරක යෙදුනා.
ලක්ෂිකා ගැන කිව්වම දැන් ඉස්සෙල්ලම මතකෙට එන්නේ ආදරේ විරහව ගැන.. ඇයි ඒ..?
විරහව ගැන.. ආ.. එහෙම කියන්නේ ඔය මම පත්තරේකට කියලා තිබුණු කතාවක් නිසානේ. ඇත්තම කතාව මම ආදරෙන් පැරදිලානම් නෙවෙයි. ආදරේ ගැන කතාවක් දුරදිග ගිහින් තමයි ඔය විරහව ගැන කතාව ඇදිලා ආවේ.
ආදරේ විරහවක් දැනිලම නැද්ද එතකොට..?
දැනිලා තියෙනවා. ආදරේ කළොත් විරහවක් තියෙනවමයි. මොකද ආදරයක් තියෙන තැන විරහවක් තියෙනවා.
ඒ කියන්නේ ලක්ෂිකා දැන් ආදරවන්තියක්.
ආදරවන්තියක්ද කියන එක ආදරේ කරන්නේ කාටද කියන එක ප්‍රශ්නයක් තමයි. මම හැමෝගෙම පෙම්වතියක්. රංගන ශිල්පිනියක් වුණාම හැමෝගෙම පෙම්වතියක් වෙන්න වෙනවා.
විශේෂ කෙනෙක් නැද්ද එතකොට..?
කැමති දෙයක් හිතාගන්නකෝ.
මොනවද අලුත් විස්තර..?
මේ දවස්වල වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. බිස්නස් එකක් කරන්න හදනවා. ඒ දේවල් ප්ලෑන් කරගෙන යනවා ඉතිං.
දිගටම රංඟනයේ රැදිලා ඉන්නවද..?
අනිවාර්යයෙන්ම. මට මෙතෙක් ජීවිතේ ලැබුණු හැමදේම රඟපෑම නිසා ලැබුණු දේවල්. මට දෙයක් හම්බවෙලා තියෙනවා. මම මේ වෘත්තියට ආදරේ කරනවා. ගරු කරනවා. හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වුණොත් මම මුදල් නැතිව හරි රඟපානවා විනෝදාංශයක් විදිහට.
රංඟනයට ආවේ ලස්සන නිසාද.? හැකියාව නිසාද.?
මම දන්නේ නෑ. ඒක ඉතිං අහන්න ඕනේ බලාගෙන ඉන්න අයගෙන් තමයි. මම හිතනවා මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය කරන වාසනාව මට ලැබිලා තියෙනවා.
ළඟදිම මංගල සීනු නාද වෙයිද..?
අපෝ නෑ.
තනිකඩව ඉන්නද කල්පනාව..?
නෑ. තව ටික කාලයක් තනිකඩව ඉන්නවා
- උපුටා ගැනීමකී -

බුකිය කළඹමින් දෙවැනි ඉනිමෙන් එන සොනාලි ටීචර්ගේ කියපු දේවල්



හිමායා බණ්ඩාර කියනවට වඩා සොනාලි ටීචර් කිව්වොත් දැන් රටම දන්නවා.
ඒ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය නිසා.
නිළියක් විදිහටත් නිවේදිකාවක් විදිහටත් රසික හදවත් දිනාගත්තු සොනාලි ටීචර් ගැන කතාකරන්න වෙබ් ගොසිප් අපි සොනාලි ටීචර් එහෙමත් නැත්නම් හිමායාට කතා කළා.
හිමායා කියලා කතා කරන්නද සොනාලි කියලා කතාකරන්නද..?
දැන්නම් ඉතිං හැමතැනම කතාවෙන්නේ සොනාලි ටීචර් කියලනේ…
කොහොමද..?
හම්.. හොඳින් සතුටින් හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්නවා.
දෙවැනි ඉනිම නාට්‍යය නිසා දැන් කොල්ලන්ගේ ආදරෙත් අඩුවක් නැතිව ලැබෙනවා නේද..?
හම්… ඔව්.. කොල්ලෝ ගොඩක් ආදරෙයි මට.. මුහුණුපොතේ ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි දැන් සොනාලි ටීචර්. ඒ තියෙන සමහර දේවල් දැක්කම මට තනියම හිනා යනවා.
කොල්ලෝ විතරක්නම් කමක් නෑ සමහර වැඩිහිටි අය මට කතා කරලා කියනවා ඉස්කෝලෙ ළඟ අම්මලා කතා වෙනවලු.
දෙවැනි ඉනිමේ ලැබුණු චරිතය නිසා ඔබට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා නේද..?
හම්.. ඔව්.. හැබැයි මම හිතුවටත් වඩා ජනප්‍රියත්වයක් ලැබුණා.
හිතුවේ නැති විදිහට ජනප්‍රිය වුණා.
සාරංග අයියගේ තුන්වැනි ටෙලි නාට්‍යයට තමයි මේ සම්බන්ධ වෙන්නේ. මට මුලින් කතා කරලා තිබ්බේ වෙන චරිතයකට.
නාට්‍යයේ කොටස් පනහකුත් ගියාට පස්සේ එයාලා මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා.
ඒ වෙනකොටත් සොනාලි ටීචර්ගේ චරිතයට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන කිහිප දෙනෙක් ස්ක්‍රින් ටෙස්ට් කරලා තිබුණා.
දෙරණ සභාපතිතුමා සහ අනෙක් පිරිස බලලා මාව තමයි චරිතයට තෝර ගත්තේ. මාව සොනාලි ටීචර්ට ගැළපුණා.
හිමායාගේ රංගන ක්ෂේත්‍රය ගැන කතා කළොත්.
මම රංගනයට එන්නේ 2009 අවුරුද්දෙදි.
මම භාරගන්න වැඩ හොඳට හිතලා බලලා තමයි තෝරගතක්තේ.
හිමායා රංගනයට ආධුනික නැති වුණාට, වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනා ගන්නේ දෙවැනි ඉනිමෙන් නේද?
සමාජ මාධ්‍ය හරහා මාව වැඩියෙන්ම ජනප්‍රිය වුණේනම් දෙවැනි ඉනිමෙන්.
සමාජ මාධ්‍ය වලින් චරිත හිට් කරනවා වගේම නැති කරන්නත් පුළුවන් නේද..?
ඔව් ඒක ඇත්ත. මම නින්දා ප්‍රසංසා කියන දේ ජීවිතේට සමව බලපානවා කියන තියරියේ තමයි ඉන්නේ.
සමහරු මට බැනලා කමෙන්ට් දානවා.. සමහරු ආදරේ කරනවා.
මේ දෙකම අපි භාරගන්න ඕනේ.
හිමායාට දෙවැනි ඉනිමේ වඩාත් සමීප කාවද?
මයික්, චබි දෙන්නා සැබෑ ජීවිතෙත් ඔය චරිතමයි.
ඔය චරිත එක්ක මම පිස්සු නටනවා. අනුහස් ටිකක් නිහඬ චරිතයක්. අවන්තගේ චරිතය කරන කෙෂාන් එක්ක නම් මම ගොඩක් පොත් ගැන කතා කරනවා.
මට වැඩ කරන්න ලැබිලා තියෙන්නේ ජොලි ටීම් එකක්.
විවාහය ගැන කතා කළොත්..?
තාමනම් මම විවාහය ගැන හිතලවත් නෑ.
හැබැයි හිමායාට පිස්සු වැටුණු කොල්ලොනම් නැති වෙන්න බෑ..?
හැමෝම මට ආදරෙයි.. ඉතිං විශේෂ කෙනෙක් නැති නිසා ඒ ගැන කතා නොකර ඉමු..

ටීනා ෂනෙල් තමන්ගේ Hot විඩියෝ ගැන කියූ කතාව


ටීනා ෂනෙල් අද කරළියට එන මියුසික් වීඩියෝස්වල දකින්න ඉන්න චරිතයක්. ඉතිං හුඟක් මියුසික් වීඩියෝස්වල දකින්න ඉන්න ඇය ආයෙමත් මියුසික් වීඩියෝස් සඳහා රංගනයෙන් දායක වෙන්නේ නෑ කියලා පසුගිය දවසක කියලා තිබුණා. හදිසියේම ඇය ගත්තු මේ තිරණය ගැන අහලා බලන්න අපි ටීනාට කතා කළාම ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“ඇත්තටම මම ටාගට් කරගෙන ඉන්නේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන්න. ඉතිං හුඟක් ඩිරෙක්ටර්ස්ලා කැමති නෑ මම ගිහින් හැම එකකම රඟපානවට.  අනික මට කතාකරන්නෙත් හොට් චරිතවලට. මම හිතන් ඉන්නේ ඒවා රිජෙක්ට් කරන්න.
කරනවනම් මම හොඳ ආටිස්ට් කෙනෙක්ගේ විතරයි කරන්නේ. අලුත් කෙනෙක්ගෙනම් ඒත් සිංදුව හිට් වෙනවද කියලා බලලා තමයි කරන්න හිතන් ඉන්නේ. ඒත් මම හිතාගත්තා ෆිල්ම් ටාගට් කරන් ඉන්න නිසා මියුසික් වීඩියෝස් කරන එක නවත්වන්න.”



ශනුද්‍රිව තමයි විවාහ කරගන්නේ, මම එයාට එකෙන්ම කැමතියි



චබියා කියලා කියනවටද කැමති නැත්නම් කනිෂ්ක කියලා කියන්නද..?
කනිෂ්කනේ නම… චබියා කියලා කිව්වත් කමක් නෑ ඉතිං.. හුඟක් අය දන්නේ ඒ නමින්නේ
කොහොමද චබියට තියෙන ප්‍රතිචාර..?
චබියට සෑහෙන ප්‍රතිචාර තියෙනවා. හිතුවේ නැති විදිහට අසීමිතව ප්‍රතිචාර ලැබුණා. පටන් ගද්දිනම් හිතුවේ නෑ මේ තරම් චබියව ජනප්‍රිය වෙයි කියලා. සමන් අයියගේ ලියවිල්ල වගේම සාරංග අයියගේ අධ්‍යක්ෂණය නිසා තමයි හැමදේම......
ඇත්තටම කනිෂ්ක පාසල් ජීවිතෙත් චබියා වගේම චරිතයක්ද ඔබ..?
ඔව්.. ඒ වගේම තමයි.. කිසිම වෙනසක් නෑ.. පුල් ෆන් එකේ ඉන්නවා. යාළුවෝ ගොඩක් ආදරෙයි. ඉතිං ඒ ගොල්ලන්ට කරදරයක් වුණාම පැනලා යන්නේ නෑ. අනුහස්ට ගැහුවොත් ගහනවා වගේම තමයි ඉස්කෝලේ කාලෙත්,
දෙවැනි ඉනිම ගැන මොකද හිතන්නේ…?
ලංකාවේ දැනට අංක එකනේ.. විශේෂයෙන්ම ලක්සිරි සර් ගැන මතක් කරන්න ඕනේ. එතුමාගේ නායකත්වයයි මගපෙන්වීමයි තමයි හැමදේටම මුල.
මම දෙවැනි ඉනිමට පිවිසෙන්නේ ලක්සිරි සර් නිසා. සාරංග අයියා එතනින් එහාට මගේ ක්‍රියාකලාපය පැහැදීමට ලක්වෙලා තමයි මේ හැමදේම කරන්න අවස්ථාව දුන්නේ.
මොකද මටයි මයික්ටයි දෙනුවන්ටයි ස්ක්‍රිප්ට් එකෙන් පිට දේවල් කරන්න චාන්ස් එක දුන්නා. හැමෝටම එහෙම ලැබෙන්නේ නෑ. ඒක ගොඩක් වටිනවා.
ලබන අවුරුද්දේ ජනප්‍රියම ටෙලි නාට්‍ය, ජනප්‍රියම නළුවා ඇතුළු හැම සම්මානයක්ම දෙවැනි ඉනිමට ලැබෙනවා. ඒක තමයි අපි කාගෙත් බලාපොරොත්තුව.. එක පවුලක් වගේ අපි. ඉතිං හැමෝවම ආදරයෙන් මතක් කරන්න කැමතියි.
කනිෂ්ක ආදරවන්තයෙක්ද…?
හම්… ඔව් ආදරවන්තයෙක්.
ඉතිං ඒ ආදරවන්තිය ගැනත් කියමු නේද..?
එයා ගැන පස්සේ කතා කරමු නේද..
ආදරේ මොන වගේද දැනෙන්නේ..?
ආදරේ කියන්නේ අමුතුම එකක්.. අම්මා තාත්තාගෙන්, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ එකක්. පෙම්වතියගෙන් ලැබෙන ආදරේ තව එකක්.
මට හොඳ ආදරවන්තියක් ලැබිලා ඉන්නවා. ඉතිං විශ්වාසයෙන් අපිට මේ ගමන යන්න ලේසියි. ගොඩක් නළුවන්ට ගෙදර එද්දි තියෙන ප්‍රශ්න මට නැහැ. මොකද රඟපාලා ගෙදර එද්දි ප්‍රශ්නනම් ඉස්සරහට යන්න අමාරුයිනේ. එයා මම දිහා බලන්නේ රසිකාවියක් විදිහට. මම ගෙදරට කනිෂ්ක, කැමරාව ඉස්සරහ චබී.
ආදරය ඇතුලේ රාගයට කොයි තරම් ඉඩක් වෙන් කරන්න ඕනේද..?
දරුණු ප්‍රශ්නයක්.. හැමදේම බැලන්ස් එකේ තමයි කරන්න ඒනේ.. ඔලුව විකාර කරගන්න හොඳ නෑ.
නිරුවත් දර්ශන තියෙන මියුසික් වීඩියෝ ගැන මොකද හිතන්නේ..?
මමත් ගායකයෙක්.. ඉතිං තවත් ගායකයෙක්ව විවේචනය කරන්න බැහැ මට.. මමත් කලාවට යොමු වුණේ ගායකයෙක් විදිහටයි. ඒවා අම්මලා තාත්තලා ඉස්සරහ බලන්න බැහැ.
ඒත් පොඩි උන් බනවා. ඒකනේ විව්ච් වැඩිම. නැත්නම් ලක්ෂ ගණන් විව්ස් කොහෙන්ද..? මම එතනට වැටෙන්නේ නෑ.. මම හැදුවත් පවුලේ ඕනම කෙනෙකුට එකට ඉඳගෙන බලන්න පුළුවන් දෙයක් තමයි කරන්නේ.. තාත්තා පුතාට හොරෙන් පුතා තාත්තට හොරෙන් බලන වීඩියෝස් හදන්නේ නෑ.. මම මේ විවේචනය කරනවා නෙවෙයි.
ඔබට චතුරිකා පීරිස්, හිමායා බණ්ඩාර හෝ ශනුද්‍රි පියසාද් විවාහ යෝජනාවක් ගෙනාවොත් කාවද විවාහ කරගන්නේ..?
ආයේ කතා දෙකක් නෑ මම ශනුද්‍රිව විවාහ කරගන්නවා. එයාට එකෙන්ම මම කැමතියි.. මොකද ශනුද්‍රි ඒ තරම් තැන්පත් නිහතමානී චරිතයක්. ඉතිං මම එයාට කැමැත්ත දෙනවා.
ඔබ රඟපාන නාට්‍යයක පෙම්වතියගේ චරිතයට කෙනෙක්ව තෝරගන්න කිව්වොත් කාවද තෝරගන්නේ..?
කාව තෝරගන්නද..? ශනුද්‍රිවම තමයි. මොකකද එයත් එක්ක රඟපාන්න හරිම ලේසියි. කලා පවුලකින් ආවත් ශනුද්‍රිගේ කිසිම ලොකුකමක් නෑ.. ශනුද්‍රිගේ අම්මලා තාත්තලා හැමෝම හරිම හොදයි.. මම ඇත්තටම ශනුද්‍රිගේ කැරැක්ටර් එකට හරිම ආසයි.
විවාහ වෙලා ප්‍රශ්න ආවොත් වෙන් වෙන එක ඔබ අනුමත කරනවද..?
අපෝ නෑ.. ඒක හරියන්නේ නෑ.. බඳින්නේ වෙන් වෙන්න නෙවෙයිනේ.. එකට ජීවත් වෙන්නයි බඳින්නේ. ඉතිං ප්‍රශ්න ආවොත් කතා කරලා විසඳගන්න එකයි කරන්න ඕනේ.
මොනවද ඉදිරි බලාපොරොත්තු..?
ඉදිරියේදි මම ඉතිං රිංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. සිංදු කරනවා.. මට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය හරිම වටිනවා.
සාරංග අයියගේ ඉදිරි වැඩවලටත් මාව සම්බන්ධ කරගන්නවා කිව්වා. විදෙස් සංචාරවලට ආරාධනා ඇවිත් තියෙනවා. මේ ටික කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.
දෙරණට හදවතින්ම ස්තූති කරනවා.

Monday, August 7, 2017

රාතී‍්‍ර අහසේ ලංකාවේ ගමන්ගත් යානාව පිටසක්වල යානයක්ද ?



මේ දිනවල රාත්‍රී අහසේ දිස්වන හදුනා නොගත් ආලෝකයක් පිළිබදව බොහෝ දෙනා කලබලයට පත්ව තිබෙනවා.X හැඩැති රාත්‍රී අහසේ දිස් වන මෙම ආලෝකය දුටු බොහො දෙනෙක් ඒ පිළිබදව දැඩි කුතුහලයෙන් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ සිය අදහස් දක්වා තිබෙනු දැක ගත හැකි වුනා.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙම එළිය දුටු පිරිස වාර්තා වන අතර ඔවුන්ගේ සාක්ෂී එකිනෙක ගලපා බලා මෙම ආලෝකය ඉංග්‍රීසි හෝඩීයේ X අක්ෂරය හැඩැති පැයට කිලෝමීටර 30ක පමණ සාමාන්ය වේගයකින් චලනය වන බව නිගමනය කර තිබෙනවා.

මේ පිළිබදව විවිධ අය විවිධ අදහස් දක්වන අතර මෙය පිටසක්වල යානාවක් විය හැකි බවට පිරිසක් අදහස් දක්වා තිබුනා.මෙම ආලෝකය පැහැදිලිව දුටු නිසා මෙය දියුණු රටක් සිදු කරන තවත් එක් පරීක්ෂණයක් හේතූවෙන් හටගත් ආලෝකයක් විය හැකි බවටත් මත පලව තිබුනා.කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නේ මෙම ආලෝකය ශ්‍රී ලංකාව පිළිබද ඔත්තු බැලීමට එවූ උතුරු කොරියානූ රහස් යානාවක් හේතුවෙන් හටගත් එකක් විය හැකි බවයි.කෙසේ වෙතත් මෙය කුමක්දැයි තවමත් නිශ්චිතවම තහවුරු වී නොමැත.

මෙම ආලෝකය දුටු බොහො පිරිසක් ෆේස්බූක් සමාජජාලා මාධ්‍යයේ සිය අදහස් දක්වා තිබු අතර එම අදහස් පහතින් "ඒ පසුගිය සදුදාය. රාත්‍රී අටට පමණ ඇත. රාජකාරී කටයුතු අවසන් කර නිවෙස කරා පැමිනෙමින් සිටි මා බස් රථයෙන් බැස නිවෙස වෙත පා ගමනින්ම එමින් සිටියා. හරියටම මාගේ හිසට එහලින් මෙම ආලෝකය දිස්වූ අතර එය හැඩයක් ගත්තා. පුදුමයෙන් මෙන් එදෙස බලා සිටි මා නැවත සිහි එලවා ගැනීමටත් පෙර ආලෝකය ඉවතට චලනය වෙමින් තිබුනා."

"රෑ 11ට විතර ඇති. නිදාගන්න වෙලාව හින්දා ගෙට්ටුව වහන්න එලියට ආවේ. මීට කලින් දැකපු නැති අමුතු එලියක් හරියටම මගෙ ඔලුව උඩින් ගියා. හිතට බයක් දැනුනු හින්දා එළියේ ඉන්නේ නැතුව ඉක්මනට ගේ ඇතුලට ගියා" " සුදු පාට එළියක් කෙලින්ම ගියේ ෆ්ලෑෂ් වගේ. පහලට ඇවිත් මගේ වටේට රවුමක් ගිහින් ආයෙත් උඩට ගිහින් එක පාරටම නැති උනා. මීට කලින් අහපු නැති භාෂාවක් කතා කරන සද්දයක් දෝංකාර දුන්නා.කලබල වූ නිසා ෆොටො එකක්වත් ගන්න බැරි උනා" මෙම ආලෝකය දුටු පිරිසට එම ආලෝකයෙන් කිසිම පීඩාවක් සිදුවූ බවට වාර්තා නොවන නිසා මෙම ආලෝකය කුමක්දැයි නිශ්චිතවම තහවුරු කර ගන්නා තෙක් මහජනතාවට කලබල නොවට ලෙසට ශවේෂකයන් උපදෙස් දෙනවා.

උපුටා ගැනීමකී ....




Thursday, August 3, 2017

කුසල්, නිරූපණ ශිල්පිණියකට ආදරය කරනවාද? ඇත්ත මෙන්න


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ.
තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ දිනවල සමාජජාල මාධ්‍යන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ තමයි කුසල් මෙන්ඩිස් ආදරයක පැටලිලා කියන කතාව.
කුසල් මේ විදිහට ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ ප්‍රමෝදි කෞෂල්‍යා කියන නිරූපණ ශිල්පිනියත් එක්ක කියලා තමයි සමාජජාල මාධ්‍යයන්වල දක්වලා තියෙන්නේ.

මේ දිනවල පැවැත්වෙන ඉන්දියා – ශ්‍රි ලංකා තරග සංචාරය නිසා කුසල්ට කතා කරන්න බැරිවුණත් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න කුසල්ගේ පෙම්වතිය බව කියන ප්‍රමොදී කිව්වේ මෙහෙම කතාවක්.

“කුසල් මගේ හොද යාළුවෙක් විතරයි. අපි අතර ඔය කියන විදිහේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කුසල්ව දන්නේ මිට අවුරුදු දෙක තුනකට කලින්. ඒ මගේ යාලුවෙක් මාර්ගයෙන්. අපි කතා බහ කරනවා. ඒක ඇත්ත නමුත් මගෙයි එයාගෙයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන එකත් අපි විවාහ ගිවිසගෙන කියනකතාවත් බොරුවක්. කවුරු හරි අපිට මඩ ගහනවා. අනික මට වඩා කුසල් බාලයි. මල්ලි කෙනෙක් වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සෙත් එයා මාත් එක්ක කතා කළා. දිගටම මේ කතාව සමාජ ජාල වෙබ් අඩවි වල ගියොත් මම අපි නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නේ”



ජනප්‍රිය ප්‍රකෝටිපති Dan Bilzerian ගේ 21 හැවිරිදි පෙම්වතිය.




Instagram තුල ජනප්‍රිය තරුවක් වන ප්‍රකෝටිපති Dan Bilzerian ඔහුගේ සැබෑ පෙම්වතියගේ ඡායාරූප කිහිපයක් සමාජ ජාලවලට එකතු කර ඇත. ඔහු සමාජ ජාල තුල තරුණියන් වටකරගෙන සිටින ඡායාරූප සෑමවිටම එකතු කලද මේ තරුණිය සමඟ පමණක් සිටින ඡායාරූප එකතු කිරීම ඔහුගේ Instagram ගිණුමේ සාමාජිකයින්ගේ විශේෂ අවධානයට ලක්ව ඇත.

බොහෝදෙනෙකු මෙම ප්‍රකෝටිපතියාව සල්ලාලයෙකු මෙන් සලකන අතර ඔහු එක් සතියකට සූරූපි තරුණියන් 17ක් පමණ ඇසුරු කරන බව විදෙස් වෙබ් අඩවි සඳහන් කර ඇත.

ඔහු විශේෂයෙන් දක්වන මෙම තරුණිය Sofia Bevarly නම් සුරූපි නිරූපණ ශිල්පිණියකි. 21 හැවිරිදි මෙම තරුණිය Dan Bilzerianට වඩා අවුරුදු 16ක් පමණ බාල බවද සඳහන් වේ.
මිලියන 22කට අධික ප්‍රමාණයක් මොහුගේ Instagram ගිණුමේ සාමාජිකයින් ලෙස සිටී.

ඡායාරූප කිහිපයක් පහතින්.









කුඩු දුන්නොත් සෙක්ස් කරන්න දෙන පොළොන්නරුවේ සුරූපිණිය



තමාට හෙරොයින් පානය කිරීමට පැකට්ටුවක් ලබාදෙන ඕනෑම තරුණයෙකුට අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන කියන 23 හැවිරිදි රූමත් තරුණියක් පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටි මෙම තරුණිය  හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමග පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව පෙරේදා (01) සවස මොවුන් අත්අඩංගුවට ගත්තා.

ඇය සමගින් හෙරොයින් ජාවාරමේ යෙදුණු ඇගේ සැමියා සහ සහෝදරයාද පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලීසියට මොවුන් පිළිබඳ තොරතුරක් ලැබී තිබූ අතර පසුව උපාය දූතයෙකු ලවා පොලීසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබුණා.අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොවනු සතුව හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 560 ප්‍රමාණයක් සතුව තිබුණා.

අදාළ සැමියා සහ සහෝදරයා විසින් කොළඹ ප්‍රදේශයට පැමිණ රුපියල් 500 පමණ මිලට ගන්නා හෙරෙයින් පැකට්ටුවක් ගැනුම්කරුවන්ට 2500 වැනි මුදලකට විකුණා ඇති බවයි පැවසෙන්නේ.

ඇය ගැණුම්කරුවන්ගේ දුරකථන ඇමතුම්වලට අනුව කාන්තා යතුරු පැදියෙන් ගොස් හෙරොයින් අලෙවි කරන බවත් ඇයට හෙරොයින් පානය කිරීමට පැකට්ටුවක් ලබාදෙන ඕනෑම තරුණයෙකුට ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන බවද පොලිසියට අනාවරණ වී තිබෙනවා .මෙම තරුණිය මීට පෙර ගුවන් හමුදා සෙබෙළෙකු සමග විවාහ වී සිටි බවද සඳහන්.

- උපුටා ගැනීමකී -

Coca-Cola ගැන නොදන්න දේවල් දැනගනිමු


ජලය හැර ලෝකයේ අනිකුත් සියළුම බීම වර්ග අතරින් 3.1% පානය කරන්නේ Coca-Cola නිෂ්පාදනයි.
Coca-Cola සමාගම විවිධ බීම වර්ග නිෂ්පාදනය කරන අතර දිනකට ඉන් එකක් බැගින් බීමට ගතහොත්, සියළුම බීම වර්ග රස බැලීමට ඔබට අවුරුදු 9ක් ගතවනවා. Coca-Cola සතුව බීම වර්ග 3500කට වැඩි ප්‍රමාණයක් ඇත.
Coca-Cola හි ආදායම ඩොලර් බිලියන 35.1 පමණ වෙනවා. ඒ ලෝකයේ 84 වැනි විශාලම ආර්ථිකයයි. එය Costa Rica රාජ්‍යයේ ආදායමට වඩා වැඩි ගණනක්.
Coca-Cola වෙළදනාමයේ වටිනාකම ඩොලර් බිලියන 74 යැයි ගණන් බලා තිබෙනවා. එය Pepsi, Red Bull, Budweiser, Starbucks යන බීම වර්ග නිපදවන සමාගම් හතරේම වෙළදනාමවල එකතුවකටත් වඩා වැඩි අගයක් ගන්නවා. මෙම වෙළදනාම හතරේම මුළු වටිනාකම වන්නේ ඩොලර් බිලියන 50යි.
ලොවපුරා ඇති මිලියන 2.8 වන Coca-Cola විකුණුම් යන්ත්‍ර එකමත ගොඩගැසුවොත්, එයට කියුබික් අඩි මිලියන 150.2 ඉඩක් අවශ්‍ය වෙනවා. ඒ Empire State ගොඩනැගිල්ලි 4ක පමණ ඉඩක්
එක් තත්පරයක් තුල Coca-Cola වීදුරු 8000 ලොවපුරා මිනිසුන් පානයට ගන්නවා.
Coca-Cola තම වෙළද ප්‍රචාරණ සදහා වැයකරන මුදල , Microsoft හා Apple සමාගම් එකතුව වැය කරන මුදලට වඩා වැඩි අගයක් ගන්නවා.
ඔබ මෙතෙක් නිෂ්පාදනය කල Coca-Cola බෝතල් එකතුකර ලෝකයේ මිනිසුන් අතර බෙදාදුන්නොත්, එක් අයෙකුට බෝතල් 1000කට වඩා හිමිවනවා.
Coca-Cola ඔලිම්පික් තරගාවලියේ පැරණිතම අනුග්‍රාහකයා වනවා. ඒ 1928 සිටයි.
ලොවපුරා මිනිසුන් අතරින් සාමන්‍යයක් ලෙස එක් පුද්ගලයෙක් සෑම දින හතරකට වරක් Coca-Cola පානය කරන බව ගණන් බලා තිබෙනවා
Coca-Cola facebook පිටුවට මිලියන 91 වැඩි රසික පිරිසක් සිටිනවා.
Coca-Cola ලාංඡනය ලෝකයේ ජනගහනයෙන් 94%ක්ම හොදින් හදුනනවා
බීමට ගන්නවාට අමතරව Coca-Cola වලින් මේවගේ අපූරු වැඩත් කරන්න පුළුවන්. ඔයාලත් කරල මේවා බලන්න ඇත්තද කියලා.
රෙදිවල ඇති ලේ පැල්ලම් ඉවත් කරන්න Coca-Cola වලට පුළුවන්
අඩිය අල්ලපු උයන පිහන භාජන සුද්ද කරන්න Coca-Cola යොදගන්න පුළුවන්
ඒ වගේ භාජන වලට Coca-Cola ටිකක් පුරවලා රැයක් එලිවන තුරු පොගවන්න. අනිත් දවසේ උදේ භාජනය ලේසියෙන්ම පිරිසිදු කරන්න පුළුවන්
කාර් එකේ බැට්රිය ආරක්ෂා කරගන්න Coca-Cola වලින් පුළුවන්
කාර් එකේ බැට්රියේ terminals මත බැදෙන කොල පැහැති ද්‍රව්‍ය Coca-Cola ලේසියෙන්ම ඉවත් වෙනවා
ඇලෙන යමක් කොණ්ඩේ ඇලවුනොත් Coca-Cola වලින් ඉවත් කරන්න පුළුවන්
ඇලවුන තැන Coca-Cola පොගවලා විනාඩි 15ක් විතර ගියාම ලේසියෙන්ම ඉවත් කරනගන්න පුළුවන්
කොමඩ් එක ඉතා පහසුවෙන් පිරිසිදු කරන්න Coca-Cola වලට පුළුවන්
කෘමි සතුන් පලවා හරින්න Coca-Cola යොදා ගන්න
පොඩි භාජනයකට Coca-Cola දමා එය නිවසින් එලියේ තියන්න. එවිට කරදරකාර කෘමීන් රසවත් Coca-Cola පානය වෙත ඇදීයන නිසා ඔබට සතුන්ගෙන් වන කරදරය අවසන්

Wednesday, August 2, 2017

හවස ගාලු කෝච්චියේ අන්තිම පෙට්ටිවල සිදුවන දේවල්




මිල අධික වාහනවලින් කාර්යාලවලට එන හාම්පුතුන් සිටින නමුත් ඒ හැමටම වඩා තමා මිල ඉතාමත් අධික වාහනයෙන් කාර්යාලයට එන බව එහි සුළු සේවයෙකුට වුව කිව හැක. එම වාහනය නම් දුම්රියයි. මුළු කොළඹ කොටස් 15ම රථවාහන සහ බස්රථවලින් උදෑසනත් සවසත් පිරී ඉතිරී යද්දී ඒ සමස්ත ජනගහණයටත් වඩා වැඩි කොටසක් දුම්රිය නම් ප්‍රවාහන මාධ්‍යය උපයෝගී කර ගනිති.
පෙට්ටි 14, 15 ඇමිණී, දුම්රිය වාර 20-30 තිබුණද උදේ 7 සිට 8.30 තෙක් සහ සවස 4.15 සිට 6 දක්වා දුම්රියේ පා පුවරුවෙත් අන්තිම පඩියේ වෙර වීරිය ගෙන අල්ලාගෙන ගමන් කරන ජනතාවක්ද සිටියි. එවන් වැදගත්කමක් තිබෙන කාර්යාල දුම්රිය පෙට්ටි ඇතුළේ කිචි කිචියේ මූට්ටු වෙන පුංචි පුංචි අනියම් පෙම් කුරුලු ජෝඩු ගණන ඉතා අධික බව දුම්රිය මගීන්ට නොරහසකි.
උදේ සවස මාතර, හලාවත, මහව, මහනුවර, අවිස්සාවේල්ල, අනුරාධපුර සිට කොළඹ කොටුවට යන එන කාර්යාල දුම්රිය බොහෝමයක් පවතියි. අද අපේ ගවේෂණයට පාදක වන්නේ එම අනියම් අසම්මත පෙම් කූඩු ගැන නිවැරදිව සොයා බැලීමයි. මන්ද දුම්රියේ යන කාන්තාවන් සේම පිරිමින්ද මෙලෙස සබඳතා ගොඩනගා ගෙන කාර්යාල වෙලාව තුළ රිසි පරිදි සිදුකරගෙන යයි. ඇතැම් කාන්තාවෝ දුම්රියේදී තම ආරක්ෂාව පතා මෙලෙස යොමු වන අතර බොහෝ පිරිස විනෝදය පතා මෙම සබඳතා ගොඩනගා ගනිති.
මෙවැනි ක්ෂණික සබඳකම් ගොඩනගා ගැනීමට බොහෝවිට රුකුලක් වන්නේ දුම්රියේ පවතින අධික තද බදයයි. කොටුව සිට බම්බලපිටිය, කොටුව සිට දෙමටගොඩ දක්වා තිබෙන දුම්රිය ස්ථාන හත තුළදී හවස් යාමයේ දහස් ගණනින් දුම්රියට මගීහු ගොඩවෙති. දුර ගමන් යන දුම්රියේ යෙනෙන විට ඉබේම ගොඩනැඟුණු කල්ලි වෙති. මොවුන් සමහරක් යහපත් අය වන අතර ඇතැමුන් සෙසු මගීන්ට කරදරකාරී ලෙස හැසිරෙන්නවුන් වෙති.
දුම්රියේ ගමන් කරන ඔබේ බිරිඳ හෝ සැමියා පිළිබඳව තවත් ටිකක් විමසිලිමත් වීමට පෙළඹවීම අද අපේ අරමුණයි. මන්ද බොහෝ විට මෙම අනියම් ජෝඩු දුරකතන මාර්ග හරහා සම්බන්ධ නොවන නිසා මොවුහු ජයටම මෙම කාර්යය කරගෙන යති. මේ සඳහා අප ඉහත කී දුම්රිය මාර්ගවල ගමන් කරන දුම්රිය හිතවතුන් සහ පැරණි මගීන් මගින් යම් යම් තොරතුරු සොයා ගත්තෙමු. පසුව අප ඔවුන් වෙත අවධානය යොමා මොවුන් පසුපස ගොස් විවාහක අවිවාහක බව සොයා බැලුවේ මෙම සබඳකම හරිද වැරදිද යන්න තහවුරු කර ගැනීමටයි.
සවස 6 වන විට කොටුවෙන් පිටත්වන ගාලු ශීඝ්‍රගාමී දුම්රියේ අන්තිම පෙට්ටි කොටස ඉබේම වෙන්වී ඇත්තේ පිරිමි සමරස සේවයේ යෙදෙන්නවුන්ටය. මෙය සමහර අවස්ථාවලදී දුම්රියෙන් දුම්රියට වෙනස් වේ. සමුද්‍රදේවි යනු රාජ්‍ය සේවකයන්ගේ දුම්රියක් බඳුය. ඒ තුළ ගොඩනගාගෙන අනියම් පෙම් කූඩු ගණන ගණන් කළ නොහැකි තරම්ය. එසේම මෙම තදබද ඔස්සේ වෙනත් ශාරීරික ප්‍රයෝජන ගන්නා පිරිමින්ද අති බහුලව යනෙන අතර එම ප්‍රයෝජන ඇඟට පතට නොදීනී මෙන් ඉෂ්ට කරගැනීමට ඉඩ දෙන තරුණියන් සේම මැදි වයසේ ඇන්ටිලාද වෙති.
මේ සියල්ල අතරේ කරන්නට දෙයක් නොමැති සේ හිංසනවලට අසුවෙන චරිතවත් කාන්තා පිරිසක් වෙති. එම නිසාම ඔවුන්ගේ සීමාව ඉක්මවා ගොස් පිරිමින්ට බැණ වැදී කුඩ පහර දුන් පිරිසද මෙහි ස්ථීර මගියෝ වෙති.
දකුණු කළුතරින් කොටුව බලා යන දුම්රියට ගොඩවෙන අංජුල යනු වයස 28ක පමණ විවාහක එක් දරු පියෙකි. ඔහු සවස එම දුම්රියෙන්ම නිවස බලා යෑම නියත පුරුද්දක් කොට ගෙන අැත. එම නිසාම කොණ්ඩය හොඳට පීරාගෙන සුවඳ පැන් ගත හලාගෙන පැණි සිනහවකින් දුම්රිය එනතුරු මහලේකම් කාර්යාලය අසළ රැඳෙයි. අහම්බෙන් හෝ නිතරම දුම්රියේ නොයන මගීන් බොහෝවිට ගොඩවන්නේ දුම්රියේ මැද පෙට්ටි තුළටයි. නමුත් පැරණි මගීන් ගොඩවන්නේ බොහෝවිට අවසන් පෙට්ටි කිහිපයටයි.
එසේම කාන්තාවන් හා මහලු උදවිය මුල් පෙට්ටි වලටද ගොඩ වීම ඉබේ ගොඩනැගුණ සිරිතක් බඳුය. හණි හණිකට පා පුවරුව මගින් පෙට්ටියට ගොඩ වෙන අ​ංජුල, දෙපස සිටින ජනගඟ මැදින් ගලා යන දිය දහරක් සේ එහෙට මෙහෙට කැරකී ගොස් එක් ස්ථානයක නැවතෙයි. ඒ ඔහු එනතුරා බලා සිටින තරුණියක් අසලටය.
හීන් සීරුවේ අද්දන දුම්රියෙන් එන තල්ලුවට අංජුල නිතැතින්ම ඇගේ ගතේ හැප්පෙයි. අදාළ තරුණිගේ උරහිස වටා අත දමා ගත් අංජුල ඉන්පසු පටන් ගන්නේ කිචි කිචියයි. දැන් ඉතිං දකුණු කළුතරට යන තුරා දෙදෙනා සිටින්නේ වෙනම ලෝකයකය. එම ලෝකයේ කිසිවෙකු නැති ලෙසට ඔවුන් සිතන බව මගීන්ටද පැහැදිලි වීමට බොහෝ වෙලාවක් නොගියේය.
පැය 8ක් පුරා කාර්යාලයේ වෙහෙස මහන්සි වී වැඩ කළ එම තරුණියට විවේකය ගැනීමට ඇති හොඳම ස්ථානය වූයේ අංජුලගේ උර හිසයි. වායු සමීකරණ බස්වල පිටුපසම ආසනවල ගමන් කරන හිසේ අමාරුව සෑදී නිදාගෙන යන්නා මෙන් සිටින පෙම් ජෝඩු මෙන් ඔවුහු හිටගෙනම ගමන් කරති. ඇඟිල්ලක් ගැසීමට බැරි තරම් ​ෙසනඟ පිරී දුම්රියෙන් පැද්දෙන ලතාවට හා වේගයට ඔවුන්ගේ ස්පර්ශාත්මක හැඟීම් උද්දීපනය වන බව අවට මගීන් බැලුවේ මුහුණේ ඉරියව් වෙනස් කර ගනිමිනි.
කෙසේ හෝ දකුණු කළුතර දුම්රිය ස්ථානයට ළංවත්ම අංජුල එම තරුණියගෙන් සමුගෙන කඩි මුඩියේ සෙනඟ අතරින් පීරාගෙන එහා කෙලවරට ළං විය. තරුණියද කිසිත් නූනා සේ අනිත් පැත්තෙන් බැසීමට සූදානම් විය. කෙසේ හෝ ඔවුන් දෙදෙනා දෙපැත්තෙන් දුම්රියෙන් බැසගත් පසු වෙන වෙනම ස්ථානවලින් මහා මාර්ගයට සේන්දු විය. අංජුල මතුගම පැත්තට යන බසයකට ගොඩු වුණු අතර අර තරුණිය වෙනත් බසයක් සඳහා ගමන් කළාය. සැබවින්ම අංජුලගේ නිවස පිහිටියේ මතුගම ප්‍රදේශයේය. ඔහු දුම්රියේ ගමන් කරන කළ ඔහු දන්න පිරිස අඩු බැවින් බියක් නැතිව ඔහු වෙනත් පෙම් ලෝකයක සුව වින්දේය. කුලියට ගත් නිවසක ජීවත් වන ඔහු තම නියම ගෙදරට ගියේ ඉතා යහපත් ලෙසය.
දුම්රිය තුළ තැ​ෙනන අනියම් පෙම් කූඩු තාවකාලිකය. පැයකට අධික දුම්රියේ ගමන් වාරය තුළ විනෝදයට සහ පාළුව මකාගනු වස් මෙවැනි ක්‍රියාවලට පෙළඹෙති. රඹුක්කන සිට පැමිණෙන යොහාන් සේවය කරන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේය. වයස 23ක් පමණ වන ඔහු දිනපතා උදේ – හවස දුම්රියෙන් ගෙදර යන්නෙකි. මොහු පිළිබඳවද අපට විස්තර ලැබුණු පසු කොළඹ කොටුවේ සිට අපි ඔහු ගැන විමසිලිමත් වීමු. කාර්යාල භූමියේ සිටම පැහැපත් තරුණියක් සමඟ අතිනත පටලවාගෙන කෝමළ විලාශයෙන් පයින්ම කොටුවට පැමිණ දුම්රියට ගොඩ විය. කෙසේ හෝ ෆුල් පැක් කරන ලද දුම්රිය පෙට්ටියක ඉතා සියුම් ස්පර්ශ මැද ඔවුන්ද අනෙක් ජෝඩු මෙන් ඔවුන්ගේ ආදර ලෙවට පිවිසුණහ. ගැස්සි ගැස්සී, පැද්දි පැද්දී හූ හඬ නඟමින් අඳුරත් අරගෙන දුම්රිය ඇදෙන විට ඔවුන් කඩල කමින් දෑත් පටලා සුරතල් වෙමින් ගමන් කළහ.
කෙසේ හෝ මීරිගම දුම්රිය ස්ථානයෙන් ඔවුන් දෙදෙනා බැස ගත් අතර යොහාන් ඇයට සමුදී දුම්රිය ස්ථානයට ගමන් කළේය. අදාළ තරුණිය බස් නැවතුමට ගිය පසු යොහාන් කඩි මුඩියේ ජංගම දුකරථනය ගෙන කිසිවකු අමතනු අප දුටුවෙමු. ඊට සුළු වෙලාවකට පසු රඹුක්කන බලා යන දුම්රියත් පැමිණි අතර මුල සිට නිවැරදිව ගණන් කිරීමෙන් පසු යොහාන් එම දුම්රියේ 5 වැනි පෙට්ටියට නැග ගත්තේය.
පා පුවරුත් පුරවගෙන යන ඒ දුම්රියේ ඔහු තෙරපෙමින් ගොස් නැවතුණු ස්ථානය අපටද අදහා ගත නොහැකි විය. ඔහු තවත් කෙල්ලෙක සමඟ ආල සංවාද​ෙය් යෙදෙන්නට විණි. ඒ ඔහුගේ තවත් පෙම් කිරිල්ලියක බව අපට වටහා ගැනීමට වැඩි වේලාවක් ගියේ නම් නැත.
කෙසේ නමුත් මෙම අලුත් තරුණිය රඹුක්කනට පෙර දුම්රිය ස්ථානයකින් බැස ගත් අතර යොහාන් දිගටම එම දුම්රියේ ගොස් රඹුක්කනින් බැස ගන්නා ලදී. පසුව ඔහු කුඩාගම ප්‍රදේශයට යන බසයකට නැගී ඔහුගේ ගමේ නියම පෙම් කිරිල්ලී අසල වාඩි විය. සිල්ගත් හිවලෙකු සේ ඔහු එම තරුණිය සමඟ ඉතා පින්වත් වතින් යුතුව සංවරව ගතකරනු දුටු අපට “අනේ අපොයි” කියා කියවුණි.
පැය දෙකක පමණ දුම්රිය ගමනක් තුළ ඔහු කෙල්ලන් දෙදෙනකු සමීපව ආශ්‍රය කරන අතර තම ගමේදී සැබෑ පෙම්වතියද සමගින් එකවර කෙල්ලන් තිදෙනකු සමඟ හාද වී ඇත. පුරුෂයන්ට වඩා ස්ත්‍රී ජනගහණය ලංකාවේ වැඩි නමුත් එක් කොල්ලෙකු කෙල්ලන් තිදෙනකු ඇසුරු කරනු ලබන්නේ එහි ප්‍රායෝගිකත්වයට දැයි කියා අපට සිතුණි.
යොහාන් කොළඹ ආශ්‍රිත පදිංචිකරුවකු නොවුණත් ගම්බද උගත් කෙනකු වූ නිසා ඔහු කොළඹ අසම්මත සංස්කෘතියට හැඩ ගැසී තිබුණි. මෙවැනි සල්ලාල උගතුන් බොහෝමයක් මෙම දුම්රිය තුළ ගමන් කරයි. මොඩ් කෙල්ලන් සඳහා දුම්රියේ ගෙවෙන පැය කිහිපයද යොදා ගනියි.
අලුත්ගම සිට එන පෙට්ටි 6ක් පමණ බැඳි සාමාන්‍ය දුම්රිය තුළ මුහුදුබඩට වන්න පා පුවරුව අවට සැදුණු කල්ලි කිහිපයක් වෙති. උදේ පාන්දරම කාඩ් සෙල්ලමෙන් දවස අරඹන ඔවුන් සේම තම පෙම්වතා හෝ පෙම්වතිය දුම්රියට ගොඩ වනතුරු ජනෙල් කවුළුවෙන් බලා සිටින්නවුන්ද බොහෝමයක් එහි එති යති.
එහි යනෙන කමල්සිරි යනු රජයේ සේවයේ නියුතු තරමක් පෘථුල ශරීරයක් ඇත්තෙකි. මැදිවියත් ඉක්මවීමට ආසන්නයේ සිටින ඔහු සමඟ එලෙස මැදි වියේ පසුවන කාන්තාවක්ද විය. ඔවුන් දෙදෙනාම විවාහකයින් බවට ඔහුන්ගේ අත් දුටු විට අපට හඳුනාගත හැකි විය. නාකි කෝලම් දමමින් කථා බස් කරගෙන යන අතර එම කාන්තාවගේ දුරකථනය හදිසියේ නාද විය. එයට සාමාන්‍ය ලෙස පිළිතුරු දුන් ඇය නවතත් කමල්සිරි හා සංවාදයට වැටුණි. “කවුද කථා කළේ” යයි කමල්සිරි ඇසූ පැනයට “ලොකු පුතා අනේ” කියා ඇය පිළිතුරු දුණි. පසුව ඔවුන් නැවතත් කථා බස් කරමින් පෙම් සිනහ මැද ගමන් කළෝය.
මෙම දුම්රියෙන් බම්බලපිටියට යන උසස් අධ්‍යාපනය කරන තරුණියකි. ඇය කිටි කිටියේ පිරිමින් රංචු පිටින් සිටිනා පෙට්ටිවලට වුව රිංගමින් උනත් සැමට අනියත උද්දීපනයක් දෙමින් ගමන් කරයි. මීට දින කිහිපයකට පෙර තනිවම ගමන් කළ ඇයට දැන් කෙනකු හසු වී හමාරය. ඇයව දුම්රියට ගෙනැවිත් බස්සන්නේ ඇගේ පෙම්වතා විසින් බව අප කිහිපවරක් දුටුවෙමු. නමුත් දැන් සිදුවී ඇත්තේ වෙනම දෙයකි. වෙනත් කඩවසම් තරුණයෙකු එම දඟකාර තරුණියට හසු වී ඇත.
දුම්රිය බම්බලපිටියට යෑමට පරක්කු වුණු දින දෙකකදී එම තරුණයා විසින් ඇයව දුම්රිය ස්ථානයේ සිට අදාළ අධ්‍යාපන ආයතනයට ඇරලුවේ ත්‍රිරෝද රථයෙනි. ඒ සඳහා මුල්‍ය අනුග්‍රාහකයා වී ඇත්තේ අර තරුණයයි. මෙම පෙමෙහි මූලික අරමුණ නම් “කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල” සංකල්පයයි.
මෙලෙස නෙක විධි උපක්‍රම මඟින් දෙපාර්ශ්වය විසින් කෙසේ හෝ දුම්රිය පෙමක් ගොඩනගා ගනියි. එලෙසම වැසි දිනවලදී කාන්තාවන්ට විඳීමට වන හිරි හැරද අධිකය. තෙරපීම නිසා ඔවුන්ට වුව කිසිවක් කර කියා ගත නොහැක. උස, මහත, ලස්සන, කැත මෙම තදබදයේදී නොතකන පිරිමින් බොහෝමයක් මෙවනි අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත්නෝ වෙති.
අපිත් සමඟ අදහස් දැක්වූයේ පහළොස් වසරක් මුළුල්ලේ එකම දුම්රියේ ගමන් ගන්නා 45 වියැති මහත්මයෙකි. නිතිපතාම දුම්රියේ අසුන්ගෙන පැමි​ෙණන ඔහු සතුව දුම්රිය අත්දැකීම් සමුදායක් තිබුණි. එහි රසබර මතකයන් ඔහු මෙලෙස බෙදා ගත්තේය.
“මං අවුරුදු 15ක් තිස්සේ මේ දුම්රියේමයි එන්නේ. එදා මෙදා තුර මගේ හොඳම වාහනය මේක තමයි. මට මතකයි මහත්තයෝ, දවසක් වාද්දුවෙන් කෝච්චියට නැග්ගා ඔසරියක් ඇඳගත්ත නෝනා කෙනෙක්. කෝච්චියත් සෙනගින් පිරිලා නිසා එයා බොහොම අමාරුවෙන් උඩ තිබුණු යකඩ පොල්ල අල්ලාගෙන හිටියේ. ඒත් ඒ නිසා ඒ ඇත්තිගේ අඟපසඟ පෙනුණා වැඩියි. එයාගේ පිටිපස්සේ හිටිය කොල්ලෙක් මං දැක්කා නිකං අමුතු වැඩකට එනවා. කොහොම හරි අර නෝනා ඒ කොල්ලට බැන්නා විතරක්. ​ෙනමෙයි කනෙන් අල්ලලා අපි හිටපු සීට් පේළියට තල්ලු කළා. පස්සේ එ් කොල්ලා ඊළඟ ස්ටේෂමෙන් නවත්තපු ගමන් බැහැලා ගියා. ඒ සිද්ධිය වෙලා දවස් කිහිපයකට පස්සේ මං ආයෙත් ඒ කෝච්චියේ ගියා.
හැබැයි එදානම් අන්තිම පෙට්ටිය තමයි හම්බවුණේ මට. මෙන්න බොලේ අර එදා ගුටිකාපු කොල්ලයි අර නෝනයි උකුළු මුකුළු පපා ඉන්නවානේ. මට නං හිතාගන්නත් බැරි වුණා. ඒ නෝනා බැඳපු කෙනෙක්. අතේ මුදු දාලා තිබ්බා. කොහොම හරි මේ දෙන්නගේ වෙන පළහිලව්වක් වග නම් මට තේරුණා. මේ වගේ කොච්චර අනියම් පෙම්පතුන් ඉන්නවද මහත්තයො, මේ කෝච්චියේ. ගෙවල්වල ඉඳන් ඔෆිස් යන මහත්වරු, නෝනාවරු ගැන විශ්වාස කරන් ඉන්න අයට පව් ඉතිං.
සැබවින්ම මිනිසා විරුද්ධ ලිංගිකයන්ට ඇති ආකර්ශනය සමහර විට ඔවුන් නොදැනීම සීමාව ඉක්මවා යන අවස්ථා රාශියකි. මේ අතර වසර ගණනක් මුළුල්ලේ පවා තමන්ගේ පාඩුවේ දුම්රියේ ගමන් කරන ගෑනු පිරිමි උදවියද වෙති. සමහර පිරිමි උදවිය පාපුවරුව තමන්​ෙග් නිත්‍ය වාසස්ථානය කරගෙන පාඩුවේ ගමන් කරයි.
සමහර දුම්රියවල විවේක පෙට්ටිය උඩ පවා මිනිස්සු නැඟ එති. කඩිමුඩියේ කොළඹ එන මෙවන් මගීන්ගේ පොකැට්ටු අතගාන පිරිසක්ද වෙති. නමුත් දැන් ඒ තත්ත්වය බොහෝ දුරට අඩු වී ඇති බව අපට දැනගන්නට ලැබුණි.
එ​ෙලසම මෙම දුම්රිවල ප්‍රවේශපත්‍ර නොගෙන ගමන් කරණ බොහෝ පිරිසක්ද වෙති. ඔවුන් රංචු පිටින් සමහර දිනවලදී පරීක්ෂකවරුන්ට අසුවෙති.
දුම්රිය යනු ට්‍රැෆික් හෝ නැවතුම් නැති කාලෝචිත ප්‍රවාහන සේවයකි. එම නිසා එහි යනෙන සැමට ගෞරවාන්විතව ගමන් කිරිමට හැකි පරිසරයක් උදා කර දීම දුම්රිය මගීන්ගේම යුතුකමකි.


ලොවටම රහසක්වූ දිය කින්දුරියන්ගේ සත්‍ය කතාව




“කිඳුරියෝ” මේ වචනය අපිට ඇහෙන කොටම මතකෙට එන්නේ බාගෙට නිරුවත් මාළුවෙකුගේ වගේ වරලක් තියෙන කාන්තාවක් නේ.මේ දිය කිඳුරියන් ගැන ලොකයේ ගොඩක් තැන් වලින් තොරතුරු වාර්තා වෙනවා.කැරිබියන් ‍ෆිල්ම්ස් සෙට් එක බලපු කෙනෙකුට නම් කියනකොටම කිදුරියෙක් මතක් වෙයි.ඒ වගේ මේ කිඳුරියෝ ගැන ගොඩක් ‍ෆිල්ම්සුත් ඇවිල්ලා තියෙනවා.

කෙසේ හෝ කිදුරන් පිලිබද ක්‍රිස්තු පූර්ව 5000 තරම් ඈත යුගයකට දිවෙන වාර්තාවන් පවතී.පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අනුව බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙහි කල කැනීම් වලින් ඔවුන් වන්දනාමාන කල ඔවෙන්නෙසී නම් දෙවියෙකු පිළිබද චිත්‍රයක් ගල් කැටයමකින් හමුවිය.මෙම දෙවියාගේ සිරුරේ ඉහළ කොටස මිනිසෙකුගේ සිරුරට සමානවන අතර පහළ කොටස මාලුවෙකුගේ වල්ගයට සමාන වේ.මෙම ගල් කැටයම දිව්‍යමය බලය පිලිබද පූජනීය සංකේතයක් ලෙස සැලකූ බව පෙනීයයි. සමහර තොරතුරු අනුව ඔවෙන්නොසී අරාබි ජනප්‍රවාදවල නිරන්තර හමුවන දෙවියෙකු වන අතර ඈත අතීතයේ සිට මෙම කිදුරු දෙවියන් වන්දනාවට පාත්‍රවී ඇත.පැරීසියේ ලොවුරේ කෞතුකාගරයේ තවදුරටත් අතීත ලෝකය ඕවෙන්නෙසී පුද පුජාවලට ලක්කල බවට සාක්ෂි පවතී.බයිබලයේ සඳහන් තොරතුරු අනුව ‘ඩාගන් ‘ නම් දෙවියන් මාලු වල්ගයක් සහිත බවත් උසස් දිව්‍ය බලයක් සහිතවූ බව සදහන්ය.මහජලගැලීම සිදුවූ කාලයට පසුව ශතවර්ෂ ගණනාවකට පසුව කිදුරන්ට මෙම දිව්‍යමය බලය ආරෝපණය කරන ලදී.

දියකිඳුරන් පැවතීම පිළිබද විශ්වාසය අභියෝගයකට ලක්වුවද,සාගර විශේෂඥයන් මෙම අදහස පිලිබද ධනාත්මකව සිතන්නේ කිඳුරන් සාගරයේ ගැඹුරු පත්ලෙහි ජීවත්වීමට ඇති ඉඩකඩත් සමගය.මෙහිදී ඔවුන් කිඳුරන් සාගර මතුපිටට පැමිණ සිටිනවා යන්න පිළිගැනීමට සුදානම් නොමැති උවත් මොවුන් ගැඹුරු සාගර පතුලෙහි යම් තැනක ජීවත් වීමේ හැකියාව බැහැරනොකරයි.නමුත් අනපේක්ෂිත ලෙස සාගර මතුපිටට පැමිණීමෙදී යම් යම් පුදගලයන්ට දර්ශනයවී නැවත නොපෙනී යාහැක.විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අවසන් නිගමනය පැහැදිලිය.



එය නීර්ණය වන්නේ සාමාන්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් ඔබ්බට යමින් නොවේ.නමුත්මෙම මුහුදු සත්වයා වන දියකිඳුරා සජීවි සත්වයෙකු ලෙස සිටීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.මිනිසා ස්පර්ශ කර නැති ලෝකයේ බොහෝ ප්‍රදේශවල ආගන්තුක සතුන් සහ පැලෑටි විවිධාකාරව පුළුල්ව තිබීමට ඇති හැකියාව සමගින් සාගර පත්ල පිළිබඳ තවමත් කෙරී ඇති හැකියාව සමගින්ද මෙම මුහුදු සත්වයා ජීවත්ව සිටීමට වැඩි අවස්තාවක් පවතී.මානව විද්‍යඥයන් වුවද කිඳුරන් සමඟ එකතු වන්නේ මුල් යුගයේ මිනිසා වෙරලාසන්නව ජීවත්වීමට සංක්‍රමණය වී සාගර පතුලට කිමිදී නව විශේෂවල ආහර හා පැලෑටි සොයමින් ජීවත් වූ බව සැලකේ.ශතවර්ෂ ගණනක් ජීවත්වනවට මෙම ක්‍රියාව නිසා තම සිරුර අනුවර්තනය වී එහි කායික වෙනසක් සිදුවු බව සැලකේ.මෙහිදී මිනිසා මාළු මිනිසෙකු බවට ක්‍රමිකව රූපකාය වෙනස් වු බවට මානව විද්‍යාඥයන්ගේ අධ්‍යයනවලින් පෙනී යන්නේ ජීව විද්‍යත්මක පරිණමය ඔස්සේ සත්වයන්ගේ වෙනස්වීම සිදුවන නිසාය.කිඳුරන්ද මේ හා සමානව මුල් යුගයේ මිනිසුන් සාගර ජලයේ ජීවත්වීමට පරිණමය වීමක් සේ සැලකේ.

මේ කිඳුරන් ඇසින්දු‍ටු අවස්තාද වාර්තා නොවෙනවාම නොවේ.මේ එවැනි අවස්තා කිහිපයක්. එංගලන්ත්යේ යෝක්ෂයර් ප්‍රාන්තයේ ඉංජිනේරුවෙක් වන පීටර් එඩ්වඩ්සන් තම සහයක කාර්ල් ලුඩ්සන් සමග සයුරේ යාත්‍රා කරමින් සිටියේ අවට දූපත්වල හුණුගල පිළිබඳ පර්යේෂණ කිරීමටය.එදින කදිම දිනයක් වූ අතර ඔවුන් දූපත්කට පෙනෙන මානයට සමීප වූ මොහොතේ පීටර් දුපත අසල ගල්පරයක වාඩිවී සිටින කිසියම් සත්වයෙකු දු‍ටුවේය. සමීපවන මොහොතේම ඔවුන් දු‍ටුවේ අඩනිරුවත් යුවතියකගේ උඩුකය සහිත රුවකි.ඔවුන් ක්ෂණිකව ඒ කිඳුරියක් ලෙස නිගමනය කල අතර ඇය වාඩිගෙන සිටි ගල්පරය අසලට ගිය අතර ඒ මොහොතේම ඇය ඔවුන් දෙස මොහොතක් බලා ක්ෂණිකව ගැඹුරු සාගර දියට පැන අතුරුදහන් වූවාය.මිනිත්තු කිහිපයක් ඇයගේ දුඹුරුවන් හිසකෙස් කළඹ සයුරු දියේ පාවෙමින් තිබු අතර ඇයගේ වරල සයුරෙන් මතුව පෙනින.ඇය නිල්වන් සයුරු දියේ කිමිදෙමින් සිටියාය.අනතුරුව ඇය අතුරුදහන් වූ නිසාම පීටර් මෙම ප්‍රදේශය පරික්ෂාවට ලක් කලේය.

මෙම අපූරු දසුන ඔහුගේ මිතුරාද දැක තිබූ අතර එය 1933 දී ප්‍රාදේශීය පුවත්පත් එය වාර්තා කලේය.නමුත් පාඨකයින් එය විශ්වාසනීත්වයෙන් පිලි ගත්තේ නැත.පීටර් හෙලිකර ඇත්තේ තමන් දු‍ටුවේ මාලු කොරපොතු වලින් ආවරණය වූ සිරිරක් සහිත කාන්තාවකගේ මෘදුභාවයෙන් තොර තරමක විරූප මුහුණක් සහිත කිඳුරියක් බවයි.සත්වයාගේ හදිසි සන්ත්‍රාසය ඔවුන්ට ඉතිරි කර ගියේ පුදුමයකි.එය මිනිත්තු තුනක් ඇතුලත දු‍ටු කින්දුරියගේ ස්වභාවය හැඩරුව නිවැරදිව විස්තර කිරීම අසීරු වන්න සේම සම්පූර්ණ පින්තූරය ගොඩනඟා ගැනීමට අවස්තාවක්ද නොවේ.සාමාන්‍ය සිදුවීමකට වඩා ඔබ්බට යන අරුම පුදුමයක් නිසා මෙය වඩාත් තහවුරු වේ.කෙසේ වුවත් පීටර් පවසන්නේ සත්වයා ගල්පරය මත තම සිරුර දිගාකරමින් සිටියදී කලබලයට පත්ව වරලෙහි ආධාරයෙන් හිස ඉදිරියට යොමුකරගෙන ජලයට පැනගත් බවයි.එසේම කිඳුරියගේ මුහුණ ප‍ටු බවත් ඉදිරියට නෙරා ඇවිත් දෑස් රවුම් හැඩයකින් යුක්ත වුයේ මාළු දෑස් සිහියට නංවමිනේ.තවදුරටත් කිඳුරිගේ සිරුර පුරා අප්‍රසන්න විශාල ලප තිබු බව පීටර්ගේ සහයකයාද දැක තිබේ.

ස්කොට්ලන්තයේ විලියම් මුර්නව් පාසැල් ගුරුවරයෙකු වන අතර ඔහුද වෙරලෙහි ගල්පරයක වැතිර සිටි කිදුරියක් දැක ඇත.ඔහුගේ පුද්ගලික තොරතුරු අනුව සෑම සැන්දැවකම සැන්ඩි සයිඩ් බොක්කෙහි ඔහු ඇවිද යන්නේ එහි වටපිටවේ සුන්දරත්වය සේම නොඉඳුල් වෙරල තීරය නිසාය.එලෙස ඇවිද යන එක සැදෑවක ඔහු බොක්කෙහි ඉහල කොටසට යාමට ඉඩ ලැබී තිබුනි.මුර්නව් හදිසියේ දු‍ටුවේ සයුරේ එයට ආසන්න ගල්තලාවක දුඹුරුවන් හිසකෙස් සහිත ප්‍රසන්න කාන්තාවක් වාඩ්වී සිටින අයුරුයි.ටයිම්ස් සගරාව කරන ලද සම්මුඛ සාක්ච්ඡාවකදී ඔහු තමන් දු‍ටු දසුනට අදාල සුවිශේෂි ඡායාරූපක්ද ලබාදී තිබුනි.ඔහු මෙම අවස්තාවෙදි මෙම දසුන තනිවම නැරඹුවා නොවේ.

එහෙත් වෙරලේ සිටි සමහර පුද්ගලයන්ගේ අවධානය එදෙස යොමු නොවූවා විය හැක.එහි වෙරලෙහි සිටි පුද්ගලයන් කලබලයට පත්ව වතුරට පැන්නේ තමන්ට ජීවිතයේ ප්‍රථමවතාවට කිඳුරෙක් බලාගැනීමට තිබූ අවස්ථාව මගහරිමිනි. ටයිම්ස් සඟරාව පවසා සිටියේ මෙම කලාපයේ සයුර කිඳුරන්ට කදිම ස්ථානයක් සේ කිවහැක්කේ සයුර භයානක ලෙස ගැඹුරකින් යුතුසේම වෙරලට සමීපව අති විශාල ගල්පර ප්‍රමාණයක් තිබීමය.ප්‍රබල රල පහරවල් ඒවයෙහි නිරන්තරයෙන් ගැටෙන්නේය.යමෙකුට කිඳුරන් සැගවයන ඉසවුව දැන ගැනීමට නොහැකි වන්නේ ඒ නිසාවෙනි.

රොබර්ට් .එස්. පෙස්කර් නම් එංගලන්ත ජාතිකයා කිඳුරියන් දු‍ටු තවත් පුද්ගලයෙකි.තමන් සයුරේ පිහිනමින් සිටින විට කෝර්න්වේල් මුහුදු වෙරලේ නොගැඹුරු මුහුදේදී 1825 දී මෙය සිදුවී තිබේ.ඔහු විස්තර කරන ආකරයට තමන් සයුරේ පිහිනමින් සිටින විට රබර් කුට්ටියක් වැනි සීතල යමක් තම පාදයේ ගැටෙනු ඔහුට දැනිනි.තැති ගැන්මට ලක්වු පෙස්කර් ආපසු හැරී බලද්දී දු‍ටුවේ සුන්දර යුවතියක් තමන් වැලඳ ගැනීමට මෙන් ලංවන ආකාරයයි.පැහැදිලිවම මිහිරි නලාහඩකින් නාදකරමින් සිටියද ඇගේ දෙතොල් වැසී ඇති ආකාරය ඔහුට දක්නට ලැබුනි.

ගලා එන සංගීතරාවය මොහොතට වුවත් ඔහුගේ සිරුර ඇගේ අත්වලින් වෙලීයනුඔහුට දැනින.එහෙත් තවත් මොහොතකදිගල්පරයක් සමීපයට පැමිණි පසු ඔහු පුදුමයට පත්කරමින් ඇය ජලය අතර නොපෙනී ගියාය.පසුව ඇය සැගවී ගිය ස්ථානය හෝ ඉවතට ගිය ප්‍රදේශය සෙවීමට උත්සාහ කලත් ගල්පර කොරල්පර හැරෙන්නට කිසිත් නොවීය. කෙසේ නමුත් අපූර්ව සොයාගැනීමක් සදහා 1981දී දායක වී තිබුනේ සෞදි ධීවරයන් පිරිසකි.ධීවරයන් විශ්වාස කල නොහැකි ලෙස බලා සිටින්නේ මානව දෙපා සහිත අසාමාන්‍ය මාළුවෙක් දෙසය.



එම මාළුවා වෙරලට පා වී තිබුනේය.භයානක අනතුරකි පසු දෙපා සුවකල නොහැකි ලෙස කැඩී තිබුනී.සෞදි අරාබියේ සාගර ජීවි විශේෂඥයන් මෙම මාළුවා ගැන විශේෂ අවධානය යොමු කලේ මාළුවගේ බද කොටස මාළුවකුගේ ස්වරූපයත් පහල වරල් කොටස මානව පාදයන්ගෙන් යුතුවීමත් නිසාය.ඔවුන්තම පරීක්ෂණ කටයුතු නිමාකලේ ජනප්‍රිය මතයක් වන කිඳුරියක් ලෙසිනි.වෙරලට ගසාගෙන පැමිනීමට පැය කිහිපයකට පෙර මාරාන්තික අනතුරක් නිසා මියගොස් ඇතිබවට කරුණු දක්වා තිබුනි.ජපන් හා සෞදි පුවත්පත්වල මෙම පුවත සිරස්තලයක් විය.

කිඳුරු මාළුවගේ මෙම තොරතුරුවලින් අනාවරණය වූයේ ගැඹුරු මුහුදේදී නාවික නිලදාරින් ඇයව අල්ලා ගැනීමට මාළු කොකු භාවිතා කිරීම නිසා මෙලෙස පාද අහිමිව මිය යාමට සිදුවු බවයි.මෙයින් පැහැදිලිවම පෙනීයන්නේ කිඳුරිය පලා යෑමට තැත්කිරීමේදී බිලිකොකු නිසා කොන්දේ මාරන්තික තුවාලයක් වූ බවයි.සෞදි අරාබියේ මාධ්‍ය විවෘතවම සෞදි බලධාරීනට චෝදනා කලේ මෙම කිඳුරියගේ සිරුර ‍රැකගැනීමට සාගර ජීවී කෞතුකාගාරයක් නැතිවීම සම්බන්ධවයි.එය එසේ තිබුනා නම් ඉදිරි ගවේෂණ හා පරික්ෂණවලට කදිම අවස්ථාවක් වන බවයි.කෙසේ වුවත් මෙම පුදුමාකාර මිනිස් මාළුවා දැක ගැනීමට විශාල පිරිසක් පැමිනීම නිසා එය දිගුකලක්ම නරක්වෙවී තිබිණි.මේ නිසා වැදගත් පර්යේෂණ අවස්ථාවන් ගිලීහී ගියේය.නාවික බලධාරින් මෙම සත්වයා අල්ලාගැනීමට උත්සහාකලේ කොතැනදීද යන්න වාර්තා කර නොතිබුනි.මෙවන් බොහෝ අවස්ථාවන් වලදී බොහේ නාවිකයන් ඒ පිලිබද වාර්තා නොකරන නිසා බොහෝ අපුර්ව තොරතුරු අහිමි වී යයි.

නාවික්යෙකු වන හෙන්රි හඩ්සන් වරෙක දු‍ටුවේ ලස්සන යුවතියක් තම නෞකාව සමීපයෙන් පිහිනන ආකාරයයි.නෞකාවේ සිටි සියලුදෙනාටම මෙය අරුමයක් වූයේ හැන්දෑ යාමේ ගැඹුරු මුහුදේ ආධාරකවලින් තොරව කාන්තාවකට පිහිනීම නිසාය.නාවිකයන් හොදින් දැනසිටියේ අඳුර එක්වන මේ මොහොතේ අත්දැකීම් බහුල පිහිනුම් ශුරයෙකු වුවද ප්‍රචණ්ඩ සයුරට බහින්නේ නැති බවයි.එහිදී කාන්තාවක් මෙවැන්නට යොමු නොවෙන බව ඔවුන්ට සිහිවිය.ඔවුන් ක්ෂණිකව ඇය මුහුදු සත්වයෙකු බව වටහාගෙන දැලක් එලුවත් ඇය පි‍ටුපසට පැන ගැඹුරු ජලයෙහි කිමිදි ගියේ ඇයගේ මාලු වරල ප්‍රකට කරමිනි.මේ සිදුවීම සිදුවුනේ 1608දීය. කෙසේවුවත් දිය කිඳුරියන් සිටිනවා යන්න විශ්වාස කිරීම නොකිරීම තමන් සතු කාර්ය්‍යයක්.මගේ අදහස නම් සමහර විට ගැඹුරු මුහුදු පත්ලේ සමහරවිට දිය කිඳුරියෝ ඉන්නවා වෙන්න පුලුවන් කියන එකයි.


- උපුටා ගැනීමකී -