මීට වසර කිහිපයකට පෙර හැම කෙනෙකුගේම අවධානය යොමු වුණේ ගම්පහ, කොළඹ, කුරුණෑගල, ගාල්ල ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් පෞද්ගලික උපකාරක පන්ති රැල්ලත් සමග ගොඩනැගුණු ලිංගික උප සංස්කෘතියක් ගැනය. එහෙත් දැන් එය ගමට ද පැතිරී ගොසිනි. පොළොන්නරුව අනුරාධපුරය ඇතුළු ඈත නගරවලට පමණක් නොව ඊටත් එපිට කුඩා නගර ආශි‍්‍රතවද මෙය ව්‍යාප්ත වෙන්නට පටන්ගෙන ඇත. පොළොන්නරුවේ ඈත ගම්දනව්වල සිට පොළොන්නරුව නගරයට සති අන්තයේ පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගිවීමට පැමිණෙන බාලිකාවන් ඩැහැගන්නට කුරුමාණම් අල්ලමින් එම පන්ති පැවැත්වෙන ප‍්‍රදේශ ආශි‍්‍රතව සැරිසරන තරුණයින් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබේ.කාගෙන් හෝ ඉල්ලාගත් මෝටර් සයිකල් වල පැමිණෙන මෙම සල්ලාල තරුණයන්ගේ ග‍්‍රහණයට නතුවන තරුණියන්ට ගැලවීමට හැකිවන්නේ ඉතාම කලාතුරකිනි. දැන් පොළොන්නරුවේ එවන් සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබේ. ඒ සඳහා පහසුකම් සැපයීමට ඇඳන් කඩ හෙවත් කාමර පහසුකම් ඇත යනුවෙන් සඳහන් නවාතැන්පොළවල් හතු පිපෙන්නාක් මෙන් බිහිවී තිබේ.
රෝහල හන්දිය, පොළොන්නරුව පොළ හන්දිය එවන් බාලිකාවන් ඩැහැ ගැනීමට පැමිණෙන සල්ලාල තරුණයන්ගේ තිත්පොළවල්ය. ඈත ගමක සිට උදෙන්ම නිවසින් අහවල් පන්තියට යන්නට තිබෙනවා යැයි කියා පිටවන දියණියන් ඉහතින් සඳහන් කළ ස්ථානයකින් හෝ වෙනත් ස්ථානයකින් බස් රථයෙන් බස්සවාගෙන අර කියන සල්ලාල තරුණයා පැමිණි මෝටර් සයිකලයේ නැගී ඇඳන් කඩයකට යයි. පොළොන්නරුව නගරය හා බැඳිවැව ආශි‍්‍රතව තිබෙන නවාතැන් පහසුකම් සපයන ස්ථානවලට වඩා නගරයෙන් තරමක් ඈතට වන්නට පවත්වාගෙන යන ගෙස්ට් හවුස් යනුවෙන් සඳහන් නවාතැන්පොළවල් සැබැවින්ම මෙසේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ ජෝඩු වලින් පිරී යයි.
එපමණක් ද නොවේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණයන් වෙනුවෙන් සැදී පැහැදී සිටින අබිසරුලියන් ද මෙම ප්‍රදේශ වල සැරිසරන බව නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට වටහාගැනීමට අපහසු කරුණක් නොවේ. ඇතැම් පිරිමි ළමයින් හබරණ ප‍්‍රදේශයට යන්නේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ලැඟුම්හල් වෙතය. ඒ ‘කොල්ලන්’ විනාශවන හැටිය. කෙල්ලන් අර ඇඳන් කබ වෙත පේ‍්‍රම කුරුල්ලාත් සමග ඉඟිලෙන්නේ එක හුස්මටය. එක් ජෝඩුවකට සයනය කිරීමට ඇඳක් ලබා දීම වෙනුවෙන් රුපියල් 500ක් 1000ක් අතර ගාස්තුවක් අය කරන බව දැනගන්නට තිබේ. එම ජෝඩුවක් ඇඳන්කඩ වෙත කැඳවාගෙන පැයක් දෙකක් ගත කිරීමට පහසුකම් සපයන තුන් රෝද රථවලටද එම ගාස්තුවෙන් අඩක සන්තෝෂමක් එම ඇඳකඩ හිමියාගෙන් ලැබෙන බව දැනගන්නට ලැබී තිබේ.මීට ටික කලකට පෙර දිඹුලාගල ප‍්‍රදේශයේ එක් ඇඳන්කඩයක් ඇඳන් නැතුව පැදුරු කඩමාල්ලක් වෙනුවෙන් රුපියල් 200ක් අය කළ බව මාධ්‍ය මගින්ද හෙළිදරව් කළ කරුණකි.
එවැනි කඩ තවමත් පොළොන්නරුවේ විවිධ ප‍්‍රදේශවල තිබෙන බව තතු දන්නා අය දනිති.මේ පවත්වාගෙන යන හෝටල් කාමර නැතිනම් ගෙස්ට් හවුස් පිළිබඳව නියාමනයක් අවශ්‍යය. පොළොන්නරුවේ පවතින එවන් කුඩා නවාතැන්පොළවල් සංඛ්‍යාවවත් හරි හැටි දන්නා රාජ්‍යය ආයතනයක් හෝ නිලධාරියෙකු හෝ නොමැතිවීම කනගාටුවකි. අනෙක් අතට ඉතා අඩු වයසේදීම පේ‍්‍රම සබඳතා පවත්වාගැනීමට තමන්ගේ දියණියන්ට ඉඩදී බලා සිටින මව්වරුන් පියවරුන් සංඛ්‍යාවද වැඩිය. ඒ එම වැඩිහිටියන්ගේ අනියම් සබඳතා වසා ගැනීමටය. ‘දැන් කෙල්ලෝ තමයි කොල්ලන්ගෙන් යාළු වෙන්න අහන්නේ. එහෙම අහලා ඒ කොල්ලා එක්ක යාළු වෙලා ඒ මොහොතේ ඉඳලා එස්.එම් එස්. ගහනවා. සතියක් විතර යනකොට කොහේ හරි එක්ක යන්න කියනවා. එහෙම ගිහින් ගෙදර ආවාම අම්මා තාත්තාට වෙනස වැටහෙන්නේ නෑ. මොකද අම්මා තාත්තා වෙන ලෝකවල. දෙවෙනි දවසෙත් යනවා. ටික දවසකින් බඩට දරුවෙක් එනවා. ඒත් දන්නේ නෑ. පාසල් ගණනාවකින්ම මාස හය හත කිසිම වෙනසක් නැතුව දරු ගැබකුත් එක්ක පාසල් ආව දරුවන් ගැන මේ වසරේත් ගිය වසරේත් අහන්න ලැබුණා.
මීට අවුරුද්දකට විතර කලින් එක ඈත ගම්මානයක වැව්තාවුල්ලේ හැන්ඳෑවට කොල්ලො කෙල්ලො රංචුවක්ම බාල් නටන්න යනවා කියලා දැනගන්න ලැබුණා. වැව් තාවුල්ලේ විනෝද වෙන එක නවත්වන්න කවුරුවත් හිටියෙනෑ. එතන කොල්ලෝ ටික අරක්කු, සිගරට් බිබී ඉන්නකොට කෙල්ලෝ ටික බයිට් හදලා දෙනවා විතරක් නෙමෙයි බියර් එහෙමත් බොනවා. ටික වෙලාවකින් මත්වෙන මේ අය වෙනම ලෝකයක ජීවත් වෙන්නේ. කරන්නෙ මොනවද ඉන්නේ කොහෙද ඉන්නේ කියලා කිසිම ගාණක් නෑ. එහෙම හිටිය එක ළමයෙක් අවුරුදු 13යි, වයස අවුරුදු පනස්අටක මිනිහෙක් එක්ක පැනලා ගියා.
මේ ගැන අදාළ අංශවලට දැනුම් දුන්නාම අර වැව්තාවුල්ලට යන එක නවත්වා ගන්න පුළුවන් වුණා” එක් විදුහල්පතිවරයෙක් අප සමග පැවැසීය.පොළොන්නරු නගරයට ආසන්නයේ පිහිටා තිබෙන බොහොමයක් නවාතැන් පහසුකම් සපයන ස්ථාන ලියාපදිංචි කර ඇතත් කොහේවත් ලියාපදිංචි කරවත් නැති තැන් පනහකට වැඩි සංඛ්‍යාවක් ඇති බව ආහාර හා නවතැන් පහසුකම් සපයන සැබෑ ලෙසම ගෙස්ට් හවුස් එකක් පවත්වාගෙන යන මහත්මයෙක් අප සමග කීය.මේ ස්ථාන වැටලීම හෝ එම ස්ථාන පරීක්ෂා කිරීම හෝ කිසිම ආයතනයකින් නොකරන බවත් ඊට හේතුව ඒවා එක්කෝ පොලීසියට නැතිනම් දේශපාලනඥයන්ට එසේත් නැතිනම් සෞඛ්‍ය අංශවලට සම්බන්ධ අයවලූන් විසින් හෝ ඒ අයගේ හිතවතුන් නැදෑයන් විසින් ඒවා පවත්වාගෙන යන නිසා බව ඔහු වැඩිදුරටත් කීය.
දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අඩු වයස් ගැබ් ගැනීම් පිළිබඳව අප සිදු කළ හෙළිදරව්වකින් ඇතැම් ආයතන බියට පත්වී ඇත. ජනාධිපතිවරයාගේ දිස්ති‍්‍රක්කයේ දවසින් දවස සිදුවන අකටයුතුකම් වැඩිවීමේ ප‍්‍රවණතාව පාලනය කරගන්නවත් බැරි නම් රට ගැන අන් කවර කතා ද?මේ ලිපිය ලියන මොහොතේ වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වගකිවයුතු නිලධාරියෙකු පැවැසුවේ එම කොට්ඨාසයේත් ඉස්සරට වඩා අඩු වයස් ගැබ් ගැනීම් අඩු වී තිබුණත් ඉකුත් වසරේත් අඩු වයස් අම්මලා 50කට වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය සායනවලට පැමිණෙන බවයි.නීතියේ හිල් ඇතැයි කී කරුණ ගැන සැලකූ විට අවුරුදු 16ක් වයස දැරියක් ලිංගිකව එක් වීමට නීතියෙන් අවසරයක් ලැබී තිබෙන සෙයක් පෙනෙන්නට තිබේ. අවුරුදු 18විවාහ වීමේ වයස ලෙස නීතියේ සඳහන් වුවත් ඊට පෙර එනම්, අවුරුදු 16-17වයසේ දැරියන්ට ලිංගික අත්දැකීම් විදීමට අවසරයක් ලැබී ඇති සෙයකි. එබැවින් කඩිනමින් බලධාරීන් විවිධ අණපනත් සම්මත කරනවා සේ ඉතා කඩිනමින් මෙම නීති වෙනස් කළ යුතුය. එක්කෝ විවාහ වීමේ වයස අවුරුදු 16කළ යුතුය. නැතිනම් අවුරුදු 18දක්වා ලිංගික ඇසුරක් පැවැත්විය නොහැකිවන සේ නීති සැකසිය යුතුය.පොළොන්නරුවේ ඇඳන් කඩ හා පවතින තත්ත්වය පිළිබඳව අපි පොළොන්නරුව මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති එම්.එස්.එම්. ජරූල් මහතාගෙන් විමසීමක් කළෙමු.
”කොල්ලෝ ලිංගික සේවා සපයන්නියන් එක්ක යන බවට ලැබිච්ච තොරතුරු අනුව අපි ක‍්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් පොළොන්නරුවේ සැරිසරන ඒ වගේ කාන්තාවන් නෑ. අපි ඔවුන්ව කිහිපවිටක් අත් අඩංගුවට ගත්තා. ඔවුන් එයින් මුදවා ගන්න කටයුතු කළා. හෝටල් කාමරවලට ගෑනු ළමයින් අරගෙන යනවා කියලා එහෙම ළඟදී අපට වාර්තා වෙලා නෑ. නමුත් ගිය අවුරුද්දේ අපි වැටලීම් කළා. අත්අඩංගුවට ගැනීම් කළා.
මේ මස 14දා අපි පොළොන්නරුවේ ආහාර හා නවතැන් පහසුකම් දෙන ස්ථානවල හිමිකරුවන් රාශියක් කැඳවලා වැඩමුළුවක් කරනවා ළමයින්ට සිදුවන අපචාර අපයෝජන වළක්වා ගැනීමට. ”පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කරන්නේ නවාතැන් පහසුකම් සපයන තැන්වලට අඩු වයස් ගැහැනු ළමයින් රැගෙන යාමත් ඊට අනුබලදී හෝටල් කාමරවල රඳවා ගැනීමත් බරපතළ වරදක් නිසා එවැනි අය ගැන තොරතුරක් ලද හොත් කිසිම සමාවක් නොමැතිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි.එහෙත් පොලීසියේ ඇස්වලට වැලි ගසා පොළොන්නරුව ඓතිහාසික බිමේ සිදුවන අහිංසක මල් කැකුළුවන් දැරියන් කාමාතුර පෙම්වතුන්ගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට වැඩිහිටි සියලූදෙනාගේම සහය අවශ්‍යම කාලය උදාවී තිබේ.