Tuesday, July 25, 2017

කාලීන චිත්‍ර පට චරිතයක් ලබාගන්න අධ්‍යක්ෂක වරුන්ගේ මනදොල සංසිඳුවීමට වෙනවිදිය ගැන ඉලීනා ඩී කෲස් කියයි





ඉලීනා ඩී කෲස් දකුණු ඉන්දීය සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට එක්වූ , මෑතකදී රඟපෑවේ ‘මුබාරකන්’ නම් චිත්‍රපටයේ එහි ප්‍රධාන චරිත නිරූපණයට ඇය සමඟ දායක වූයේ අර්ජුන් කපූර් සහ අනිල් කපූර්.
මේ සුරූපී නිළිය පසුගියදා මාධ්‍යවේදියකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී බොලිවුඩ්පුරයේ සැඟවුණු වගතුග කිහිපයක් හෙළි කළා. වරින් වර මතු වෙමින් යළි යටපත් වෙමින් පවතින මේ සිදුවීම් පෙළ ඉලීනා වුණත් හෙළි කළේ කිසිදු අයකුගේ වතගොත හෙළි කිරීමෙන් තොරවයි. ඇය පැවසුවේ බොලිවුඩ් සිනමාවට පිවිසෙන බොහෝ නවක නිළියන් මුහුණ දෙන අවාසනාවන්ත දෙයක්. ඒ තමයි, චිත්‍රපටයක චරිතයක් ලබා ගැනීමට ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ මනදොළ සංසිඳුවීමට සිදුවීම.
මෙය ප්‍රසිද්ධ රහසක්. ඒත් බොහෝ දෙනකු ඒ ගැන විවෘතව කතා කරන්නේ නැහැ. නමුත්, ඉලීනාට මේ රහස යළි හෙළි කරන්න සිදු වුණේ ‘මුබාරකන්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලන්ඩන් නුවර දී රූගත කරද්දී ඇය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් කිහිපයක් නිසයි. නම් ගම් හෙළි නොකළත් ඇය වක්‍රව ප්‍රකාශ කළේ නළුවන් දෙතුන් දෙනකු පිළිබඳව යම් ඉඟියක් දෙමින්. එවැනි පුද්ගලයන් සමඟ මින් මතුවට චිත්‍රපටවල රඟපාන්නේ නැතැයි ඇය අවධාරණයෙන් කියා සිටියා.
“බොලිවුඩ් චිත්‍රපට ලෝකයේ සිටින නළුවන් කිහිප දෙනෙක් එක්ක මම කීයටවත් රඟපාන්නෙ නැහැ. කතාව තිර රචනය, කොච්චර හොඳ වුණත් ඒ අය රඟපානවානම් මම බැහැයි කියනවා. ලන්ඩන්වලදී මම අත්වින්ද අමිහිරි දෙයකින් පස්සෙ එහෙම හිතාගත්තා. එදා මම හොඳටම ඇඬුවා.” ඉලීනා කෝපයත්, ශෝකයත් මුසු වූ මුහුණින් යුතුව එලෙස පැවසුවා.


No comments:

Post a Comment