Tuesday, July 25, 2017

ලංකාවේ හොරෙන් හදපු අඩි විස්සේ ලිමොසින් එකට වෙච්ච වැඩේ



කොට්ටාව මාකුඹුර පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට තැත් කළ කාර් දෙකක් එකට බද්ධ කර සැකසූ අඩි 20 ක් පමණ දිග නව ලිමොසින් මාදිලියේ ව්‍යාජ අංක තහඩු සහිත කාර් රථයක් අධිවේගී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා හෝමාගම පොලීසියට භාර දී ඇත.
හොරණ – ඉලිඹ හන්දියේ පදිංචිකරුවෙකුට අයත් එම කාර් රථය ඉකුත් 16 වැනි දින අධිවේගී මාර්ගයට ඇතුළු වීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබිණි. එය කාර් රථ දෙකක් එකට බද්ධ කර එකලස් කළ එකක් බවට ඒ පිලිබඳ කළ පරීක්ෂණවලින් හෙළිව තිබේ.
CAN 7425 යනුවෙන් හඳුන්වා එය කාර් රථයේ ඉදිරිපස වම් පැත්තේ සවි කිරීම පිලිබඳ සැක සිතූ අධිවේගී පොලිස් නිලධාරීන් කාරය නතර කර බලපත්‍ර පරික්ෂා කිරීමේදී එය විදුලි කාර් රථයක් බවට නම් කිරීම නිසා වැඩිදුර පරීක්ෂණ සඳහා හෝමාගම පොලීසියට භාර දී තිබිණි. ඒ පිලිබඳ හෝමාගම අධිකරණයට වාර්තා කර ඇති අතර, කාර් රථය පදවාගෙන ගිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇත.
හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතාගේ මෙහෙයවීමෙන් ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වේ.

1 comment: