Tuesday, September 12, 2017

නවතම iPhone දුරකථනය නිකුත් වෙයි. iPhone X හි මිල ලක්ෂ දෙකකට ආසන්නයි


ඇපල් සමාගම ඔවුන්ගේ නවතම iPhone දුරකථනය වන Apple X දුරකථනය ඊයේ ( සැප්තැම්බර් 12) එළිදැක්විය. මෙවර සුවිශේෂත්වය වන්නේ ඔවුන් iPhone දුරකථන වර්ග 3ක් එළිදැක්වීමයි.

එනම් පසුගිය වසරේ ඔවුන් නිකුත් කල iPhone 7 හා iPhone 7 Plus දුරකතනයට සමගාමිව නිකුත් කල එම දුරකථන දෙක වනුයේ iPhone 8 හා iPhone 8 Plus වේ. ඔවුන්ගේ iPhone 8 දුරකථනය එළිදැක්වීමත් සමග ඇපල් රසිකයින්ගේ ප්‍රතිචාර නම් එතරම් සුභදායි නොවිය.

එයට හේතුව නම් iPhone 7 හා iPhone 8 දුරකථන අතර ලොකු වෙනසක් නොතිබීමයි. එනම් වෙනසකට කියා තිබුනේ ඔවුන්ගේ Apple A10 Fusion චිප් එකට A11 Bionic chip එක ආදේශ කිරීම හා සමාන දෙයක්. කෙසේ නමුත් මෙවර Apple event එක conduct කරන Tim Cook මහතා කනස්සල්ලට පත් ඇපල් රසිකයන්ව හා අලුතින් නිකුත් වූ Apple iPhone 8 එක විහිළුවට ගත සියලුම දෙනාගෙ කටවල් වැහුවේ ඔවුන්ගේ නවතම iPhone X දුරකථනය හඳුන්වාදෙමිනි.


iPhone X ගැන නම් සැහෙන්න කතා කරන්න වෙනවා. මොකද ෆෝන් එක ඒ තරම්ම සුපිරි. iPhone X එකත් iPhone හා iPhone 8 වලට සමාන ප්‍රමාණය දුරකතනයක් වුවත්, iPhone X හි Display එක සම්පුර්ණයෙන්ම වෙනස්. එනම් කලින් ආපු අයිෆෝන් වල වගේ මේකේ උඩින් හා යටින් කළු කෑලි නැහැ. මුළු ස්ක්‍රීන් එක පුරාවටම තියෙන්නේ Display එක. hom button අරවා මෙව්වා ඔක්කොම හලලා.


iPhone 8 සහ iPhone X හි ඔවුන් අලුතින් හඳුන්වා දුන් සුවිශේෂිතම තාක්ෂණයක් තමයි wireless charging එක. මේකේ බොහෝ දුරකථනය සමාගම් මීට වසරක් දෙකක් වගේ කලින් හඳුන්වා දුන්නත් ඇපල් දුරකතනයකට මෙම පහසුකම ලබාදුන්නේ ප්‍රථම වරට. ඇත්තටම කියනවා නම් මින් පස්සේ කේබල් ඇදගෙන, එහෙමත් නැත්තම් කේබල් කඩාගෙන, නිතර මාරුකරගෙන දඟලන්න ඕනේ නැහැ. ඔබ කොහේ හිටියත් ෆෝන් එක පාඩුවේ චාජ් වෙයි.


ඒ වගේම iPhone X හි ඇති තවත් සුවිශේෂී විශේෂාංගයක් නම්, ඉස්සර තිබ්බේ touch ID option එක වෙනුවට මෙවර ඔවුන් හඳුන්වා දී ඇත්තේ Face ID option එක. එහම කියනවට වඩා මෙහෙම කිව්වොත් තේරෙයි. ඉස්සර ඔයාලා ෆෝන් එක අන්ලොක් කරේ ඇඟිල්ල තියලා නේ. මින් පස්සේ ඔයාලගේ මුහුණ display එකට මුහුණලා ඇල්ලුවහම ෆෝන් එක අන්ලොක් වෙනවා. ඒ කියන්නේ කුඩා pixel 33,000 කට අධික ප්‍රමාණයකින් තමයි අපේ මුහුණේ දත්ත දුරකථනය තුල ගබඩා කර තබාගන්නේ. ඒ තුලින් කළුවර අවස්ථාවකදී වුනත් ෆෝන් එකේ ලොක් එක Face ID තුලින් අන්ලොක් කරගැනීමේ හැකියාව තියනවා.


මෙය හොඳ Option එකක් ලෙස එයාලා පෙන්වා දුන්නත් මට නම් එකේ ලොකු හොඳක් පේන්නේ නැහැ. මොකද අපි නිදාගෙන ඉන්න අවස්තාවක කව්රු හරි ඇවිත් අපේ ෆෝන් එක අරන් අපේ මුහුණට ලං කරලා ඇල්ලුවොත් ලොකු එක කැඩෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම කෙනෙකුට බල කිරීමක් හෝ බය කිරීමක් කරලා, ෆෝන් එක මුහුණ ගාවට අල්ලලා ලොකු එක කඩාගන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක බලද්දී මේ option එක ගැන නම් එතරම් සැහීමකට පත්වීමට නොහැක්කේ අපේ දත්ත වල ආරක්ෂාවට තර්ජනයක් වීය හැකි නිසා.

iPhone 7 හා iPhone 8 දුරකථන වල තිරය අඟල් 4.7 කින් වුවත්, නවතම iPhone X හි තිරය අඟල් 5.7 කින් යුක්තය. එනම් මෙය iPhone 7 Plus හා iPhone 8 Plus දුරකථන වල අඟල් 5.5. තිරයට වඩා ලොකුය.

තවද මතක දාරිතාව එනම් RAM එක. Chip එකට අමතරව දුරකථනය තිබෙන වේගය, එනම් පාවිච්චි කිරීමේදී stuck නොවී භාවිතා කිරීමට උපයෝගී වන සාදකයක් තමයි RAM එක. ලෝකේ තියන අනිත් හැම දුරකථන වලට වඩා වේගේ අතින් නම් ඇපල් දුරකථන ඉදිරියෙන් බව ඕනෑම කෙනෙක් අවිවධයකින් තොරව පිළිගත යුතු කාරණයකි. කලින් එනම් iPhone 7 හි RAM එක 2 GB වුන අතර නවතම iPhone 8 හා iPhone X හෝ RAM එක 3 GB වේ.

තවද iPhone X එලි දක්වන්නේ storage size එක 64GB සහ 256GB ලෙසින්. ඔවුන්ගේ මෙම නවතම iPhone X දුරකථනය පාට දෙකකින් නිකුත් වන අතර එය Space Gray, Silverයන වර්ණ දෙකෙන් නිකුත් වීමට නියමිතව ඇත.

ඒ වගේම iPhone X හි පිටුපස කැමරාවන් දෙකක් තිබෙන අතර, එය නම් පොඩි iPhone වලට කැමති අයට සුභ ආරංචියකි. මොකද මීට කලින් Apple එකෙන් මේ ඔප්ෂන් එක දුන්නේ iPhone 6S Plus, iPhone 7 Plus හා iPhone 8 Plus වලට පමණි. මෙවර ඔවුන් එය පොඩි දුරකථනය ( පොඩි කියන්නේ plus එකට සාපේක්ෂව හොඳේ ) ට අතලුත් කිරීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වුනා.


ඒ වගේම ඇපල් ෆෝන් පාවිච්චි කරන ය මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි බැටරි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට නම් iPhone X එකෙන් ලොකු වෙනසක් කරලා තියනවා. ඒ කියන්නේ iPhone 7 එකේ බැටරිය මෙන් 150% ගුණයකින් තමයි ඔවුන්ගේ නවතම iPhone X දුරකතනය නිර්මාණය වී තිබෙන්නේ.

ඒ වගේම ෆාස්ට් චාජින් ඔප්ෂන් එකත් මෙහි හඳුන්වා දී තිබීම විශේෂත්වයකි. එනම් ඔබේ දුරකථනයේ බැටරිය 0% සිට 50% දක්වා චාජ් වීමට ගතවන්නේ විනාඩි 30 කට ආසන්න කාලයක් පමණි.

ඒත් කනගාටුවට කාරණය නම් iPhone 8 එක සැප්තැම්බර් මස 22 වන දින වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිත අතර, හැමෝම පුන පුනා බලා සිටින iPhone X දුරකතනය නම් වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 3 වන දිනයි. ඒ කියන්නේ තව මාස දෙකකට ආසන්න කාලයක් බලාගෙන ඉන්න වෙනාවා iPhone X එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය.


මේ හැමදේම කිව්වට මිල කිව්වේ නැහැනේ. ඒක ඇහුවොත් තවත් පිස්සු හැදෙයි.
iPhone X – 64GB එකක ඇමරිකානු මිල 999$, ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 150,000 විතර.
iPhone X – 256GB එකක ඇමරිකානු මිල 1149$, ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 175,000 විතර.

මේකේ ඇමරිකාවේ හා සෙසු ඉංග්‍රීසි රටවල් වල මිල. මට මතක විදිහට ගියපාර ඇමරිකාවේ iPhone 7 128GB එක release වුන ගමන් මන් ගත්තේ ශ්‍රී ලංකා සල්ලි වලින් රු.130,000 ට. ඒ වෙනකොට ඒ ෆෝන් එකම ලංකාවේ මිල වුනේ 160,000 යි. ලංකාව කියන්නේ අමුතු රටක්. ලෝකේ නැති මිල දර්ශක මෙහෙ තියෙන්නේ. ඒ නිසා මට හිතෙන විදිහට iPhone X 256GB එක ආපු ගමන් ලංකාවේ ගන්න බලන් ඉන්න කෙනෙකුට නම් අවමයෙන් රුපියල් 220,000 ක් වත් ගෙවන්න වෙයි. ( බලහන්කො රෙදි නැහැනේ )
ඒ වගේම අලුත් iPhone එක ආවම iPhone 7 එකක් වගේ ගණන් අඩුවෙන කන් බලන් හිටපු අයට නම් කියන්න තියෙන්නේ මට හිතෙන්නේ ලොකුවට ගණන් බහින්නේ නැති වෙයි. 7 තියන කෙනා කොහොමත් 8 ගන්නේ නෑ මොකද iPhone 7 සහ iPhone 8 එක බොහෝ දුරට එකහා සමාන නිසා. iPhone 7 තියන කෙනා ඒ නිසා ගන්නවා නම් ගන්නේ iPhone X එක.

ඒත් ෆෝන් දෙක අතර ලොකු මාජින් එකක් තියන නිසා අඩුවට විකුණන්නේ නෑ. එතකොට ෆෝන් දෙකක් ගන්න සල්ලි වලින් එකක් ගන්න වෙන නිසා. ඒ නිසා iPhone 7 128 GB අලුත්ම එකක් උපරිම 100,000 වගේ අඩුවෙයි මට හිතෙන්නේ. ඊට එහා නම් අඩුවෙන්නේ නැති වෙයි.


උපුටා ගැනීම Bro පිටුවෙනී.

Sunday, September 10, 2017

පෙළපත් දෙකක්ම සුනුවිසුනු කල මඩුවන්විල වලවුවේ ශාපය පිළිබද කතාව මෙන්න


මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.
මුල් මැණිකේ කොර වූ දියණියක උරුම කර මෙලොව හැර ගිය පසු තමන්වත් ඒ දියණියත් බලාගත්තේ කලවානේ මැණිකේ බව ඔහුගේ හෘදයසාක්ෂිය හොඳින් දනී. එහෙත් දේපළ සම්බන්ධව තීරණයේදී තමන්ගේ ආබාධිත දියණිය මෙන්ම බිරිය මේ මහා නින්දගමේ උරුමයෙන් ඉවත් කිරීමට දිසාවේ ගත් තීරණය ඔහුගේ සිතට වද දෙයි.
මඩුවන්වෙල පෙළපත් නාමය ගත්තද ඒ නමට තමන්ගේ සැබෑ හිමිකමක් නොතිබුණු බවද ඔහුගේ සිත කකියන්නට හේතුවකි. සිය තරුණ මව හා විවාහ වී සිටි මඩුවන්වල නමැත්තා තමන් පිළිසිඳ ගන්නටත් පෙර මිය ගිය බව ඔහු දනී. එනිසා මඩුවන්වෙල පරපුර අවසන් වූයේ තමා බිහි වන්නටත් පෙර බව ඔහුට සිහි වෙයි. තමන්ගේ සැබෑ පියා වූ මවගේ දෙවැනි කසාදයේ මොලමුරේ ලේ උරුමයට මඩුවන්වෙල දිසාවේ සිය දේපළ පවරන්නේ සැක සංකා දෙකක් පෙරදැරිවය. එකක් නම්, තම මව කළා මෙන්ම කලවානේ මැණිකේද තමන්ගෙන් පසු තනි නොතනියට නොගැළපෙන බින්නයක් කරගත හොත් නුසුදුස්සකුට නින්දගම් උරුමය පැවරෙන්නේය.
දෙවැන්න තම ආබාධිත දියණිය – කොර මැණිකේගේ දුර්වලකමින් සල්ලාලයකු ප්‍රයෝජන ගත හොත් ඒ නොහොබිනාකමේ ප්‍රතිඵලය තමන් භුක්තිවිඳි දේපළ සියල්ලට වග කියනු ඇත. මේ දෙකරුණම රදළ දේපළ සම්මතයට විරුද්ධය. එහෙත් කලවානේ මැණිකේගේ මෙන්ම කෙර මැණිකේගේ හදවතේ වේදනාව මඩුවන්වෙල නමට මෙන්ම මොලමුරේ පරපුරට ශාප කරනු ඇත්දැයි ඔහුට සැකයක්ද මතු වෙයි.
ඔහුගේ තේජස ගතේ වේදනාවෙන් මැකිය නොහැකි වුවත් හදවතේ වේදනාවෙන් මැකී ගොස් ඇද්දැයි කලවානේ මැණිකේටද සිතේ.
දිසාවේගේ හොඳම ගෝලයා වූ ජුවානිස් අමතන මැණිකේ පන්සල වෙත සේවකයකු යවා නායක ස්වාමීන් වහන්සේට තොරතුරු දන්වා වඩම්මන්නැයි උපදෙස් දෙයි. වෙනෙකකු ගියහොත් පමා වේයැයි සිතා ජුවානිස්ම නාහිමියන් සොයා දිව යයි. හාමුදුරුවන් වෙත වැඳ නමස්කාර කොට සිය ‘හාන්දුරුවන්ගේ’ තත්ත්වය පැහැදිලි කරන ඔහු සමඟ නාහිමියන් වලව්වට වඩින්නේ තවත් දෙනමක් කැටුව පිරිත් දේශනා කීරීමටය. අභිමානවත් සිංහල බෞද්ධයකු වූ මඩුවන්වෙල දිසාවේ වෙව්ලන දෑත් එක් කොට සංඝයා වහන්සේට නමස්කාර කිරීමට උත්සාහ දරයි.
ඔහුගේ මුවින් නිකුත් වූ අවසන් අණ වූයේ නාහිමියන්ට පූජා කිරීමට වලව්වේ භාණ්ඩ කීපයක් ගෙන එන ලෙස සිහින් හඬින් සේවකයන්ට කළ දැන්වීමයි. පිරිත් සජ්ඣායනය අවසන් වීමට පෙරම තෙවරක් සාධුකාර දෙන දිසාවේ සිය සිය අවසන් සුසුම වාතලයට මුසු කළේය. අක්කර හතළිස් දහසක් පමණ වූ නින්දගම පුරා මේ පණිවිඩය පැතිරීමට මිනිත්තු හතළිහක් වත් ගත නොවන්නට ඇත.
වලව්වේ මෙතෙක් පැවැති උත්සවවලදී මෙන්ම දිසාවේගේ අවසන් කටයුතුවලදීද සැරසිලිවලින් අඩුවක් නොවීමටත්, උඩරට චාරිත්‍රානුකූලව දේහය රැඳි චිතකය ගිනි දැල්වීමටත් පිරිස විසින් කටයුතු යොදන ලදි. මඩුවන්වල මුදලින්දාරාමාධිපති කෑල්ලේ සාරානන්ද හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පාංශුකූලය දුන්හ. කොතරම් හොඳ-නොහොඳ තිබුණද අවසන් හුස්ම හෙළූ අයකුගේ අගුණක් කීම සිංහලයේ පුරුද්දක් නොවේ.
එසේම මඩුවන්වෙල දිසාවේ වැන්නකු වෙනුවෙන් එය කෙසේ වත් සිදු වන්නේ නැත. එනිසා නැඟී සිටින්නේ රක්වානේ රණසිංහ කිවිඳුය:
පාදෙස් දෙස පෙරවර කිතුරැස් විහිදා
ලෝ උස් කුල නාගත ලෙළ දුන් වොරඳා
ජේමිස් විලියම් මඩුවන්වෙල මැතිඳා
සේ රැස් ගනරන් කොත බිඳ ගිය මෙසඳා
හිඟ මග අයට සහ නෑ මිතුරනට ළැදී
මහ රන් මසු කුඹුරු වතු පිටි පුදකරදී
කළ අණ එසවු මඩුවන්වෙලට ජය බැඳී
අගරජතුමා ඔබවද ඔටුනු නොපැලඳී
ඔටුනු නොපලන් රජකු ලෙස ආධිපත්‍ය පතුරමින්, අධිරාජ්‍යවාදීන්ගේ සුදු කුමාරයන්ට අභියෝග කරන්නට හැකි කළු කුමාරයකු ලෙස මඩුවන්වෙල දිසාවේට සිය තේජස පෙන්වන්නට හැකි වූයේ පරම්පරා ගණනක් පුරා අඛණ්ඩව වර්ධනය කරගත් ධනය, බලය, කීර්තිය නිසාය. ඒ ඉතිහාසයේ සොඳුරු අඳුරු තැන් ක්‍රිස්තු වර්ෂ 1521 දක්වා ගමන් කරන බව මඩුවන්වෙල ඉතිහාසය සොයන බොහෝ දෙනාගේ මතයයි. ඒ කතා මෙන්ම කාල තිරය සඟවන මඩුවන්වෙල කතා සොයා අපි ගියෙමු.
ඇඹිලිපිටියෙන් කොලොන්න බුළුතොට පාරේ සැතපුම් පහළොවක් පමණ මඟ ගෙවා කඳුවළල්ලකින් වට වූ නිම්නයක පිහිටි වලව් භූමිය ආසන්නයට මමත් සුදතුත් සමඟ ආචාර්ය අකිල විජය රාජපක්ෂ සහ උදය ඇමතියගොඩ බස්නායක නිලමේ රැගෙන පරිස්සමින් ළඟා වූයේ රියැදුරු චමින්දය. එහෙත් රජ මැඳුරක මෙන් පවුරු තුනකින් වට වූ වලව් භූමියේ පිටක පවුරේ ඇති ගල් උළුවස්සෙන් ඇතුළු වීම තහනම්ය.
මෙරට සිංහල පුරට අධිපති මැති උතුමන්ගේ විමන ගැනා
පාරට දොරටුව ගල් කණු කප්පා මල්වලිනුත් හැඩ වැඩ කරනා
වෙහෙරට රන් කොත සේ කලස් පිට මොනරුන් දිලිසෙමිනා
මෙරට පවතින ගල් උළුවස්සට කිව්වා සිව්පද සන්තොසිනා
මඩුවන්වෙල පිළිබඳ වෛද්‍ය ශාන්ත දුනුකාර ලියූ ‘මඩුවන්වෙලට පියමං’ පර්යේෂණාත්මක කෘතියේ ඇති කවියක් මට මතක් විය.
අපි අනෙක් දොරටුවෙන් ඇතුළු වීමු. දෙවැනි පවුරේ ගල් දොරටුවෙන් ඇතුළු වන අප පිළිගත්තේ විමලසිරි මහතාය.
“ඔය දොරටුවත් හදලා තියෙන්නේ සුද්දට හිස නමාගෙන එන්නලු. ඔතනින් අශ්වයා පිටේ ඔළුව කෙළින් තියන් එන්න පුළුවන් දිසාවේට විතරයි. අනෙක් හැමෝම අශ්වයාගෙන් බහින්න හරි හොඳටම නැවෙන්න හරි ඕනෑ. වලව්වට එන සුද්දන් මෙල්ල කරන්න තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ.”
අක්කර දහස් ගණන ක්‍රමයෙන් හීන වී දැන් ඉතිරිව ඇත්තේ හාත් පස රූස්ස ගස්වලින් පිරුණු අක්කර හයක පමණ බිමකි. ඒ මැද අතීත ශ්‍රී විභූතියක සාක්ෂි පමණක් දරා සිටින වලව්ව පිහිටියේ පහන් කවුළු තාප්පයෙන් ආරක්ෂාව ලබමිනි. වලව්වක් ලෙස මෙය ගොඩ නැඟෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1700දී රාජ මුද්‍රාව සහිත තඹ උළුකැටයක් රජුගෙන් ලැබීමත් සමඟය.
එතෙක් පැවතුණේ පොල් අතු හෙවිල්ලූ තරමක නිවෙසක් ලෙසිනි. තඹ උළුකැටය ලැබෙන්නේ අපූරු ආකාරයකටය. මඩුවන්වෙල පරපුර පිළිබඳ පැරැණිම ලිඛිත සාක්ෂිය ලෙස සැලකෙන්නේ 1619දී ලියන ලද සපරගමු ලේකම් මිටියයි. දෙවැනි ලිඛිත සාක්ෂිය වන්නේ මේ තඹ උළුකැටයේ කතාවයි. එනිසා ඇතැමුන් සිතන්නේ මඩුවන්වෙල පරපුරේ මූලාරම්භය දාහත්වන සියවසින් ඇරඹෙන බවය. එහෙත් ‘මඩුවන්වෙලට පියමං’ පොතේ සටහන් වන අයුරින් මෙන්ම කුඩා කතරගම බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා ගෙනෙන සාධක අනුව මඩුවන්වෙල පෙළපත ඇරැඹෙන්නේ ‘විජයබා කොල්ලය’ සමයේය.
“හයවැනි විජයබාහු රජ්ජුරුවන්ට පළමු බිසවගෙන් පුත්තු තුන්දෙනෙක් හිටියා. බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නෙ කියලා. ඒත් තමන්ගෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන්න යන්නේ දෙවැනි බිරියගේ කලින් විවාහයේ පුතා දේවරාජ. මේ කුමාරයා වයසිනුත් බාලයි. අනෙක මේක බිසවයි කඳුරේ බණ්ඩාර සහ ඒකනායක මුදලි කියන ප්‍රධාන ඇමැතිවරු දෙන්නෙකුයි කළ කුමන්ත්‍රණයක්. මේ ගැන ආරංචි වන කුමාරවරු උඩරට පාලනය කරන ජයවීර බණ්ඩාරත් උදවු කරගෙන පියරජතුමාට එරෙහිව සේනාව සංවිධානය කරනවා. වයසක රජතුමා බය වෙලා සාමසාකච්ඡා මඟින් විසඳුමකට එමු කියලා පණිවිඩ යවනවා. ඒකත් කුමන්ත්‍රණයේ කොටසක් කුමාරයන් අල්ලගන්න.
ඒ වුණත් කුමාරයන් කියන්නේ ඇමැතිවරු දෙන්නා දෙනවා නම් විතරක් සාකච්ඡාවට එකඟයි කියලයි. බැරිතැන ඇමැතිවරු දෙන්නා කුමාරවරුන් කඳවුරු බැඳලා තිබුණ කැලණියට එවලා වෙන උපායකින් පුතුන් තිදෙනාව අල්ලාගන්න රජ්ජුරුවෝ සැලසුම් කරනවා. ඒත් කැලණි යන අතරමඟදි ඒකනායක මුදලි පැනගන්නවා. කඳුරේ බණ්ඩාර කුමරවරුන්ගෙන් මැරුම්කනවා. පැනගත් ඒකනායක මුදලි සපරගමුවේ සාමාන්‍ය ගැමියෙක් වගේ හැංගිලා ඉන්නවා.” ඇමතියගොඩ නිලමේ විස්තර කළේය. ඉතිරිය විමලසිරි මහතා සම්පූර්ණ කරයි.
“විජයබා කොල්ලයෙන් කුමාරවරු දිනපු බව දැනගත්තාම කොලොන්න පැත්තට පැනගන්න මුදලි මේ පාළු පෙනුම තිබෙන ස්වාභාවික කඳු වළල්ලෙන් වට වුණු ප්‍රදේශයේ තල්ගහ කොරටුවේ පුංචි ගෙයක් හදාගෙන අත්වල කරගැට එනකල් වගා වැඩ කරලා ඒකනායක නම හංගාගෙන හිටියා. හැබැයි ගම්මුන්ට උදවුපදවු කරලා ජනප්‍රසාදයටත් පත් වුණා. අද දෙදරන්ගමුව වෙහෙර කියන දෙබරන්ගමුව විහාරය එහෙම කළාට පස්සේ ඒකනායක ගම්මුන්ගේ ගෞරවනීය චරිතයක් වුණා. ගමේ හොඳ පවුලකින් පෙළවහකුත් කරගත්තා.
ඒ අයට ලැබුණා පුතෙක්. ඒකනායක මුදලි මේ පුතාට තමන්ගේ රහස කීවා ඒ වගේම දන්න හැම දේම ඉගැන්නුවා. තරුණ පුතා යනවා හේන් කොටන්න බල්ලන්දෑවට. එතැනදි තමයි අර හාවාට නරියා පැරදෙනවා දකින්නේ. හාවා කන් දෙක උස්සලා කකුල්දෙකෙන් හිටගෙන බැලුවලු නරියා දිහා නරියා බය වෙලා පැනලම දිව්වලු. ඒ තැන තමයි මේ වලව්වේ මුල් ගේ හදන්නේ. මේ තියෙන්නේ ඒ තැන.”
කාමර කොටස් 131ක් සහ මැද මිදුල් 42ක් තිබූ වලව්වේ එක මැද මිදුලක් අලංකාරවත් අයුරින් වට කර තනා තිබේ.
ඒ හරියටම හාවාට නරියා බිය වූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. ‘මඩුවන්වෙලට පියමං’ පොතෙන් වෛද්‍ය ශාන්ත දුනුකාර තර්ක කරන්නේ ගම්පොළ රාජධානි සමයේ ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමණය මෙල්ල කිරීමට බලකොටුවක් තැනීමට ස්ථානයක් සොයමින් සිටියදී තුන්වැනි වික්‍රමබාහු රජුගේ අග්‍ර පුරෝහිත නිශ්ශංක අලගක්කෝනාරට දියවන්නා ඔය අසල නයකුට මුගටියකු පරාද වූ බව දැනගන්නට ලැබී එතැන ජය බිමක් බව දැන කොටුව ඉදි කළේලු.
එවැනි දෑ දන්නේ රාජසභාවල උන් අය පමණි. එනිසා එවැනි දැනුමක් පුතුට එන්නේ ඒකනායක මුදලිඳුගේ පැරණි ඉගැන්වීම්වලින් විය යුතු බවයි. එනිසා මඩුවන්වෙල වලව්වේ ඉතිහාසය 1521 දක්වා ගමන් කළ යුතු නිසාය.
මේ පිළිබඳ තර්ක-විතර්ක කරමින් සිටින අපට දැනගන්නට ලැබුණේ අපූරු කතාවකි. ඒ අවසන් වශයෙන් මේ වලව්වේ විසූ මඩුවන්වෙල දිසාවේ උපන් කාමරයේදී කරලිනා හාමි නමින් සිටි සේවිකාවක දකින්නට ඇතැමුන්ට හැකි වන බවයි.

උපුටා ගැනීම අරුණි මුතුමලී
සේයාරූ – සුදත් නිශාන්ත

Wednesday, September 6, 2017

ලැප්ටොප් බැටරිය නිවැරදිව චාර්ජ් කරන විදිය



අද කාලේ වෙනකොට ලැප්ටොප් එකක් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක් බවට පත් වෙලා. ටිකක් ටැබ්ලට් පැත්තට බර බවක් තිබුනත් තවමත් ගේම් ගහන්න, කැම්පස්, ඔෆිස් වල වැඩ යන එන ගමන් කරන්න බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ ලැප්ටොප් තමයි. කොහොම වුනත් ලැප්ටොප් බැටරිය නම් වැඩි කාලයක් තියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ මිලට ගන්න තියෙන බොහෝ ලැප්ටොප් වල බැටරි කාලය පැය 4 සිට 7ක් දක්වා තමයි. ඒ වගේම බර වැඩ කරද්දී මේක පැය දෙක තුනෙන් බැහැලා ඕෆ් වෙනවා.
සාමාන්‍යයෙන් ලැප්ටොප් එක ගද්දිම ලැඛෙන බැටරිය අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. කොහොම වුනත් අපි මේ කියන්න යන්නේ ඉතා වැඩි කාලයක් ලැප්ටොප් බැටරිය ආරක්ෂා කරලා තියා ගන්න විදිහ ගැනයි. ඉතින් මේ ලිපියේ මාතෘකාව දැක්කම කවුරුත් තේරුම් ගන්න ඇති බැටරිය ඉක්මනින් සවුත්තු වෙන හේතුව. ඔව් ඒ කතාව ඇත්ත, දිගටම චාජ් වෙන්න ගහලා තියන එක ඇත්තටම බැටරි සවුත්තු වෙන ප්‍රධාන හේතුවක්. ඒ ඇයි කියලා දැන ගන්න ලිපිය දිගටම කියවන්නකෝ.
ඔබේ ලැප්ටොප් එකේ තියන බැටරිය ලිතියම් අයන පාවිච්චි වෙන බැටරියක්. මේකේ ලොකු වාසියක් තියෙනවා. ලිතියම් කියන්නේ වායුවක් නොවන සැහැල්ලුම මූලද්‍රව්‍යය. ලිතියම් (ඛස) කියන්නේ මේ නිසා වැඩිම ශක්ති ධාරිතාවක් තියෙන ලෝහයයි. ඉතින් ලැප්ටොප්, ෆෝන්, ටැබ්ලට් වගේ ඕනෑම බරින් අඩු, වැඩි කාලයක් තියා ගන්න අවශ්‍ය වන උපකරණයකට වැඩියෙන්ම හොඳ ලිතියම් අයන බැටරියක්. (ලිතියම් ලෝහ බැටරි මීටත් වඩා බලවත්, හැබැයි චාජ් කරන්න බැහැ. ඉස්සර කැමරා වලට මේ බැටරි පාවිච්චි වුණා)
මේ මොන ප්‍රයෝජනය තිබුණත් ලිතියම් අයන බැටරි වල ලොකු අඩු පාඩු තියෙනවා. එකක් තමයි උණුසුම නිසා ඉක්මනින් හානි වීම. (ගිනි ගන්න, පුපුරන්න පවා ඉඩ තියෙනවා) අනිත් දේ තමයි මුළුමනින් චාජ් වුණාම හෝ බැහැලා ගියාම ඉක්මනින් හානි වීම.
ඉතින් ඔබේ ඕනෑම උපකරණයක් ලිතියම් අයන බැටරියක් තියෙන එකක් නම් සම්පුර්ණයෙන්ම බහින්න දෙන එක හෝ මුළුමනින්ම චාජ් වෙන එක ඇත්තටම බැටරියට හොඳ නැහැ. ඒ නිසා තමයි ලැප්ටොප් සේරම 5% වෙද්දී ඉබේම හයිබනේට් වෙන්නේ. බැහැලා යන එක තරම්ම අවුලක් නැතත් සම්පුර්ණ චාජ් වෙන එක, විශේෂයෙන්ම සම්පුර්ණ චාජ් එකේ බොහෝ කල් තියෙන එක නරකයි.
කැඩෙක්ස් ඉලෙක්ට්‍රොනික් එකේ CEO ඉසිදෝර් බුක්මන් කියන විදිහට හොඳම දේ 80% සහ 40% අතර බැටරිය තියා ගන්න එකයි. බැටරි යුනිවර්සිටි ආයතනයත් මේ කතාව පිලිගන්නවා. ඔවුන් කියන්නේ සම්පුර්ණ චාජ් වෙන බැටරියක් 300-500 වාරයක් යද්දී ඉවත් කරන මට්ටමට එනවා වුනත් 80%-40% තියන බැටරියක් 1200-2000 වාරයක් තියා ගන්න පුළුවන් කියලයි. ඒ වගේම තමයි උණුසුමේ ප්‍රශ්නය. ගොඩක් ලැප්ටොප් බැටරි බලයෙන් ක්‍රියා කරද්දී අඩු ශක්තියකින් ක්‍රියා කරන නිසා නිපදවන තාපය අඩුයි. නමුත් චාජ් වෙන්න ගැහුවම නිදහසේ ක්‍රියා කරලා වැඩි තාපයක් නිකුත් කරන්න පෙළඹෙනවා. ඒක නිසාත් බැටරියේ කල් පැවැත්ම අඩු වෙන්න ඉඩ තියෙනවා.
බැටරිය රත් වෙලා තියෙන තරමට ඉක්මනින් විනාශයට යන බව සියලු විද්‍යාඥයන් පිළිගන්නවා. කොහොම වුණත් 80% – 40% තියා ගන්න එක නම් ඇත්තටම අමාරු වැඩක්. මොකද අපි හොයලා බැලුවා, කිසිම ඇප් එකක් නැහැ මේ වැඩේ කරවා ගන්න පුළුවන්. වඩාත්ම හොඳ දේ තමයි ඔබේ බැටරිය 80%ට චාජ් වුනු ගමන් විදුලිය විසන්ධි වෙන, 40%ට ආපු ගමන් සම්බන්ධ වෙන ක්‍රමයක් තියෙන එක. ඒ වගේම ගමනක් යන්න ඕන වුණාම ලේසියෙන්ම පුළුවන් වෙන්න අවශ්‍යයි එක බොත්තමක් ඔබලා 100% දක්වා චාජ් වෙන්න දෙන්න. හැබැයි ඒ මට්ටමේ වැඩක් ඇප් එකකින් කරන්න බැහැ,
මොකද ලැප්ටොප් බැටරිය චාජ් වෙන එක මෙහෙයුම් පද්ධතිය හරහා සිදු වෙන දෙයක් නෙවෙයි. ධී ගහලා තිබුනත් නැතත් චාජර් එක ගහපු ගමන් ලැප්ටොප් බැටරිය චාජ් වෙලා 100%දී නවතින එක සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ දෙයක් කරන්න අවශ්‍ය ලැප්ටොප් හදන මිනිස්සුම තමයි.
ඒත් එයාලගේ බැටරි විකුණන බිස්නස් එකට පාඩුවක් නිසා කවුරුත් එහෙම දෙයක් කරන එකක් නැහැ. හොඳම වැඩේ තමයි ඔබට පුළුවන් නම් 80% ට චාජ් වෙද්දී චාජර් එක ඉවත් කරලා 40%ට බහිද්දී චාර්ජ් වෙන්න ගහන එක. හැමදාම කරන්න අවශ්‍ය නොවුනත් පුළුවන් හැම වෙලාවේම කලොත් ඔබේ බැටරි එක වැඩි කාලයක් පවත්වා ගන්න පුළුවන් වේවි.
ඉතින් ඔබට හොඳ දැනුමක් ලැඛෙන්න ඇති කියලා හිතනවා. නිතරම මේ සයිට් එකට ඇවිත් මේ වගේ අනිත් ලිපිත් බලලා දැනුමක් ගන්න. මේ ලිපිය අනිවාර්යයෙන් ශෙයා කරලා ඔබේ මිතුරන්ටත් මේ ගැන දැන ගන්න සලස්වන්න. තවත් ප්‍රයෝජනවත් ලිපියකින් හමු වෙමු

source - wishma lokaya

ඔබත් අද සිට රෑට යටින් සුදු ළුණු කැබැල්ලක් තබාගන්න


සුදු ළුණු තුල අඩංගු වන සුවහසක් රෝග සුව කිරීමේ බලය නිසා සුදු ළුණු මෙලොව මිනිස් සෞඛ්‍යයට ඉතාමත් ප්‍රයෝජනවත්ම ආහාරය බවට අපිට පහසුවෙන් නම් කරන්න පුළුවන්. මෙම නිසාම ඔබ දිනපතා සුදුළුණු ඍජුව හා වක්‍රාකාරව ආහාරයට එක් කර ගැනීම කරනවා නම් ඔබේ සෞඛ්‍ය ඉතාමත් යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යන්න හැකියාව ලැඛෙනවා. සුදු ළුණු මගින් සුවය ලබා දෙන රෝග අතරේ අක්මාව සම්බන්ධ ගැටළු හා විෂබීජ මර්ධනය කිරීම , ලේ පිරිසිදු කර දීම , කොණ්ඩයට අවශ්‍ය පෝෂනය ලබා දී තට්ටය පැදීම වැලැක්වීම , උන සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම වගේම අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම දක්වන්න පුළුවන්.
සුදු ළුණු ගැන තවත් ඔබ නොදන්නා කතාවක් අද විශ්ම ලෝකයෙන් ඔබට කියන්නම්. අතීතයේ පිරමිඩ සාදපු ඊජිප්තු ජාතිකයන් සුදු ළුණු බික් හැපීමට පුරුදු වෙලා ඉදලා තියෙනවා. තම වෙහෙසෙන සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන දිගු කාලයක් ජිවත් වෙන්න අවශ්‍ය ශක්තිය සුදු ළුණු හැපීම මගින් ඔවුන් ලබා ගෙන තියෙනවා. සුදු ළුණු වල තිඛෙන බලවත්ම පෝෂණ සංගටකය වන්නේ Allicine කියන දේ. මෙය සුදු ළුණු බිකක් තැලීම මගින් ලබා ගන්න පුළුවන්. හැබැයි සුදු ළුණු පිසීමේදී මේ Allicine විනාශ වෙනවා. තලා ගත් සුදු ළුණු විනාඩි 15ක් පමණ තබා ආහාරයට ගැනීමෙන් මේ විශ්මිත Allicine සන්ගටකයේ ගුණය ඔබ සිරුරට ලබා ගත හැකියි.
ලොව සමහර ප්‍රදේශ වල ජිවත් වන්නන් නින්දට යාමට පෙර සුදු ළුණු කැබැල්ලක් තම නිදන කොට්ටය යටින් තබා ගන්නවා. මෙසේ සිදු කිරීම මගින් සුව බර නින්දක් ලැඛෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම ලොව සමහරක් රටවල් වල මිනිසුන් සුදු ළුණු තම සාක්කුවේ දමා ගෙන යාමට ප්‍රිය කරනවා. එසේ සිදු කිරීම මගින් ඔවුන්ගේ ජිවිත වලට වාසනාව ලැඛෙන බව ඔවුන් තදින් විශ්වාස කරනවා. ඔබත් මේ සරල ක්‍රම වේද උත්සාහ කර බලන්න. සුදු ළුණු කැබැල්ලක් ඔබේ කොට්ටය යටින් හෝ සාක්කුවේ දමා ගැනීම මගින් ඔබ වටා ඇති සියලු රිනාත්මක බලවේග ඉවත් කරගෙන රාත්‍රී සුවබර නින්දක් ලබා ගන්න. ජිවිතයට වාසනාව උදා කර ගන්න. ඔබට ජය

source - wishma lokaya

අවුරුදු 40න් පසු පිරිමින්ගේ තාරුණකම රකින ආහාර මෙන්න


දූදරුවන් ටිකින් ටික උස් මහත් වෙනකොට ආදරය පෑල දොරින් පලා යන්න දෙන්න එපා. හෝර්මෝන ඔබේ සිරුරට කරන වෙනස්කම් නිසා ‍මෙතෙක් සැමියාගේ ආකර්ෂණය වී තිබූ සුන්දරත්වය අහිමි වුණොත්…. එය ඔබට ජීවිතයටම පිරිමසාලන්නට නොහැකි පාඩුවක් වේවි.
කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝර්මෝනත් පිරිමින්ට ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනත් මැදිවයසේදී කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. කළු කෙස් සුදුවීමට, කායික සෙනෙහසින් දුරස්වීමට හෝර්මෝන වගකිව යුතුය. එහෙත් අපට ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම වැඩි කරගත හැකි නම් වියපත් පෙනුමට සැබෑම අභියෝගයක් විය හැකියි.වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොස්ටන් සරසටියේ වයස්ගතවීම වැළැක්වීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැරොලින් ඇපෝවියන් සැමියාටත්, බිරියටත් දෙන්නටම හැට පිරුණත් තරුණ තරුණියන් සේ ආකර්ෂණියව, වයස් කල්‍යාණය ඇතිව ජීවත්වීමට අපූරු උපදෙස් මාලාවක් ලබා දෙනවා. මැදි වයසේදී කාන්තාවන්ගේ උදරය මේද පිරී බැලුම් බෝලයක් වගේ විශාල වෙනවා. මීට හේතුව ඩිම්බ කෝෂවලින් පිටවෙන ඊස්ට්‍රජන් හෝර්මෝණය නිපදවීම අඩුවීමයි. මෙවිට මේද ෙසෙල වඩා විශාල වන්නේ, අඩුවෙන ඊස්ට්‍රජන් මට්ටම පුරවාලන්නටයි. මේද ෙසෙලවලට ඊස්ට්‍රජන් නිපදවිය හැකියි. මෙවිට උදරය මහත් වෙනවා.
ඊස්ට්‍රජන් අඩුවීම අපේ කෙස් කලඹටත් බලපානවා. කෙස් වැඩීම අඩුවෙනවා. වැඩිපුර කෙස් වැටෙනවා. ආර්තවහරණය වන කාලයේ ඇන්ඩ්‍රජෙන් නම් පිරිමි හෝර්මෝනය වැඩිවෙනවා. මේ නිසා හිස කෙස් තුනී වෙනවා. ඒත් ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝණය කාන්තා සිරුරේ අඩු නිසා දෙදෙනාගේ කායික ආකර්ෂණයට ඇති කැමැත්ත අඩු වෙනවා.
ඊස්ට්‍රජන් අඩුවීම යෝනි ම‍ගේ වියළි බවටත් හේතුවක්. ‍සමේ කොලජන් අඩුවී සම ඉක්මනට වයස්ගත වනවා. අස්ථිවල ඝනත්වය අඩු වී ඉක්මනට කැඩී බිඳී යන තත්ත්වයට පත්වනවා. මතකය අඩුවීම, හදවත් ගැටලු ඇතිවීම අතිවිය හැකි තවත් ගැටලු 2ක්.
පිරිමින් හෝර්මෝන වෙනස නිසා තරබාරු වෙනවා. නින්ද පිළිබඳ ගැටළු, වෙහෙස ඇතිවෙනවා. කායික සබඳතා පැවැත්වීමේ සවිය දුබල වෙනවා වයස අවුරුදු හතළිහෙන් පසු වාර්ෂිකව සියයට 1 – 2 ක් බැගින් මාංසපේශී ධාරිතාව අඩුවෙනවා. සිරුරේ මේදය වැඩිවෙනවා. විශේෂයෙන්ම උදරයේ වැඩිපුර මේදය කායික සබඳතාවලට බාධාවක්.පිරිමින්ගේ උදරයේ මේද ටෙස්ටොස්ටෙරෝන්වලට පරිවර්තනය වෙනවා. කායික ඇසුරට එය බාධාවක් වෙනවා සේම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා අවදානමද වැඩි කරනවා. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීමෙන් පිරිමින්ගේ කෙස් තුනී වෙනවා. විෂාදය ඇති වෙනවා අස්ථි ධාරිතාව අඩුවෙනවා. උස අඩුවී මාංසපේශී සවිය ද දුබලවෙනවා.
මෙන්න වෛද්‍ය කැරොලින් කාන්තාවන්ට ආර්තවය පවතිද්දී මෙන්ම තාරුණ්‍යයෙන් සිටීමට උදව්වෙන බවට සහතික කළ ආහාර
තල – තල ඇටවල අධික ලෙස ඊස්ට්‍රජන් අඩංගුයි. මෙය පියයුරු පිළිකා සෑදීම ද වළක්වනවා. තලවල ඔමෙගා 3 ද අඩංගුයි. ඔමෙගා 3 සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරනවා.
සෝයා ප්‍රෝටීන – අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. අස්ථි සවිමත් කරනවා. සෝයා බෝංචිවල ඇති ඉරොෆලේවෙන්ස් ඊස්ට්‍රජන්වලට සමානයි. ආර්තවහරණයෙන් පසු ඇතිවන සිරුරේ දාහය, පියයුරු පිළිකා, හෘද රෝග, ඔස්ටියෝ‍පොරෝසිස් අවම කිරීමට සෝයා ප්‍රෝටීන උදව් වෙනවා.
තද කොළ පැහැති එළවළු – ඔස්ටි‍යෝපොරෝසිස් වළක්වනවා. මේවායේ විටමින් ඩී සහ කැල්සියම් තිබීම ඊට හේතුවයි. මෙහි අඩංගු විටමින් කේ මගින්ද අනගි සහායක් ලැඛෙනවා.
ගස්ලබු – විටමින් සී ගබඩාවක්. ආර්තවහරණය වුණු කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නංවනවා.
මේදමය මාළු – සැමන්, මැකරල්, සාඩින්ස්, ප්‍රදාහයන් වළක්වනවා. විශේයෙන්ම කතුන්ට ගුණයි. හෘදය, පියයුරු සහ අස්ථි සෞඛ්‍යයට මෙය අත්‍යවශ්‍යයි. ගතේ වේදනාවන් අඩුකර දියවැඩියාව, පිළිකා, හෘද රෝග, විෂාදය ඇතිවීම වළක්වනවා.
කොමඩු – පොටෑසියම් අඩංගුයි. බඩවැල අශ්‍රිත ගැටලු අඩු කරනවා.

පිරිමින්ගේ තාරුණ්‍යය රකින ආහාර

පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් සම්බන්ධව ඇතිවන ගැටලුවට විසඳුම් සෙවීමට ආහාරවලින් විශාල පිහිටක් ලැඛෙනවා. සින්ක්, මැග්නීසියම් මේ අයට නැතිවම බැහැ.
ගෝවා මල් – ගෝවා ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවන්නේ පිරිමි සිරුරින් ඊස්ට්‍රජන් මට්ටම අඩුකරමිනුයි.
බිත්තර කහමද – පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය වැඩි කරනවා. ඒ කොලෙස්ටරෝල් ටෙස්ටොස්ටෙරෝන් බවට පත් කිරීමෙන්.
පොත්ත සහිත ධාන්‍ය – රතු කැකුළු, බාර්ලි වැනි ධාන්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත්. මේ වායේ අඩංගු ෆයි‍ටොරසායන පුරස්ථ ග්‍රන්ථියේ සෞඛ්‍ය සුරකිනවා.
තක්කාලි – මෙහි අඩංගු ලි‍සෝපීන් පිළිකා අවදානම අඩු කරනවා
කොමඩු – පොටෑසියම් වලින් පොහොසත් මේ ‍පලතුර ආඝාතය, රුධිර පීඩනය අඩු කරනවා.
බිම්මල් – සින්ක් ඌනතාව ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීමට බලපානවා. බිම්මල් සින්ක්වලින් පොහොසත්. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කිරීමට වාගේම කායික සතුට වැඩි කිරීමටත් මෙය උදව් වෙනවා. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙන් ආරක්ෂා කරනවා
source - wishma lokaya

කළු චොකලට් ආහාරයට ගැනීමෙන් ලැබෙන විශ්මිත සෞඛ්‍ය වාසි


කළු චොකලට් තුල අඩංගු වන පෝෂණ ගුණය මගින් අපේ සෞඛ්‍යට ධනාත්මක ලෙස බලපෑම් කල හැකියි. කොකෝවා ගසේ හට ගන්නා ගෙඩි මගින් සකස් කර ගන්නා කළු චොකලට් , මිහිමත ඉහළම ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති ආහාර වර්ග වලින් එකක් ලෙස හදුන්වන්නත් පුළුවන්. විවිධ සෞඛ්‍ය අධ්‍යනයන්ට අනුව කළු චොකලට් ( සිනි අධික ලෙස යෙදු ව්‍යාජ කළු චොකලට් නොවේ ) අනුභව කිරීම මගින් හදවත් රෝග ඇති වීමේ අවධානම පවා අඩු කර ගත හැකි බව සොයා ගෙන තිබෙනවා. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ කළු චොකලට් අනුභව කිරීම මගින් අපට ලඟා කර ගත හැකි සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැනයි

විශාල පෝෂණ ගුණයක් අන්තර්ගතයි

ඔබට පුළුවන් නම් ගුණාත්මක භාවයෙන් උසස් (ඉහල කොකෝවා ප්‍රමාණයක් අන්තර්ගත වන ) කළු චොකලට් අනුභව කරන්නට එමගින් ඉතාම ඉහල පෝෂණ ගුණයක් ඔබේ ශරීරයට ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් කළු චොකලට් ග්‍රෑම් 100ක බාර් එකක කොකෝවා ප්‍රතිශතය 75% ක් 80% විය යුතුයි. අපි දැන් බලමු මෙම තත්වයේ කළු චොකලට් ග්‍රෑම් 100ක් තුල අන්තර්ගත වන පෝෂණ සංයුතිය කොපමණද කියලා
ෆයිබර් ග්‍රෑම් 11
දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 67%
දෛනික මැග්නිසියම් අවශ්‍යතාවයෙන් 58%
දෛනික කොපර් අවශ්‍යතාවයෙන් 89%
දෛනික  මැන්ගනීස් අවශ්‍යතාවයෙන් 98%
මීට අමතරව පොටෑසියම් , පොස්පරස් , සින්ක් , සෙලේනියම් හා හිතකර මේද අම්ල යහමින් කළු චොකලට් තුල අන්තර්ගත වෙනවා.
( කළු චොකලට් ග්‍රෑම් 100ක් ක් යනු කිසිසේත්ම එකවර ආහාරයට ගැනීමට සුදුසු ප්‍රමාණයක් නොවේ. කළු චොකලට් ග්‍රෑම් 100ක් තුල කැලරි 600ක් පමණ අන්තර්ගත වෙනවා. යහපත් සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට සුළු ප්‍රමාණයන්ගෙන් දිනපතා ආහාරයට  ගැනීම සුදුසුයි.)

බලගතු ප්‍රතිඔක්සිකාරකයක්

ඔබ අහලා තියෙනවද  ORAC දර්ශකය ගැන. ORAC දර්ශකය මගින් තමයි ආහාර සතු ප්‍රතිඔක්සිකාරක හැකියාව මනිනු ලබන්නේ. ORAC දර්ශකයේ මේ අකුරු වල තේරුම වන්නේ (Oxygen Radical Absorbance Capacity – ඔක්සිජන් අණු අවශෝෂණ හැකියාව) කියන එක. දැන් අපි කියනවනේ මෙන්න මේ ආහාර වර්ග වල ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා කියලා. කොහොමද එහෙම කියන්නේ. ඇත්තටම මේ දේවල් රසායනාගාර තුල කරන සංකීර්ණ පරීක්ෂණ ඔස්සේ තමයි ලෝකයට නිරාවරණය වෙන්නේ. මෙහිදී විද්‍යාඥයන් විසින්  විවිධ ආහාර මතට නිදහස් අහිතකර ඛණ්ඩක (Free Radicles) එන්නත් කිරීම සිදු කරනවා. එන්නත් කරලා ඔවුන් බලා සිටිනවා ආහාර කොහොමද මේ නිදහස් ඛණ්ඩක සමග සටන් කරන්නේ කියලා. මේ හැකියාව වැඩි ආහාර වර්ග තමයි ප්‍රතිඔක්සිකාරක බලයෙන් වැඩි ආහාර ලෙස සෞඛ්‍ය විශාරදයන් හදුන්වන්නේ. ඉතින් ඒ විදියට පරීක්ෂණ කරලා ඉහලින්ම සමත් උණු ආහාරයක් තමයි කළු චොකලට් කියන්නේ.

රුධිර ගමනාගමනය විධිමත් කර අධි රුධිර පිඩනය අවම කරනවා

කළු චොකලට් තුල අඩංගු වන ෆ්ලෙවනොල්ස් මගින් රුධිර නාල ආස්තර උත්තේජන කර නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම වේගවත් කරනවා.  නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ වායුවක්. නයිට්‍රික් ඔක්සයිඩ් මගින් සිදු කරන එක් ප්‍රධාන කාර්යයක් තමයි රුධිර නාල විවේක ගැන්වීම සදහා සංඥා  සැපයීම. මෙම ක්‍රියාවලිය මැනවින් සිදු වීම නිසා රුධිර ගමනාගමනය මත යෙදෙන අනවශ්‍ය ප්‍රතිරෝධය අවම වී අධි රුධිර පිඩනය පාලනය වීම සිදු වෙනවා.

හදවත් රෝග ඇති වීමේ අවධානම අඩු කරනවා

කළු චොකලට් අනුභවය මගින් හදවත් රෝග ඇති කරන අවධානම් කාරණා රැසක් යටපත් කර ගත හැකියි. එක්තරා පරීක්ෂණයක් හරහා කළු චොකලට් මගින් පිරිමින්ගේ ඔක්සිකරණය වූ  LDL කොලේස්ටර්රෝල් සංයුතිය පහත දමන බව සොයා ගෙන තිබෙනවා. LDL කොලේස්ටර්රෝල් කියන්නේ අපේ ශරීරයේ තිබෙන අහිතකර (නරක )කොලේස්ටර්රෝල්. ඒවා නිදහස් අණු හා ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි ඔක්සිකරණය වූ  LDL කොලේස්ටර්රෝල් නිර්මාණය වෙන්නේ. මේවා ශරීරය තුල පැවතීම ඉතා භයානකයි. ඔක්සිකරණය වූ  LDL කොලේස්ටර්රෝල් මගින් රුධිරය ප්‍රවාහනය කරන රුධිර නාල ආස්තර වලට හානි පැමිණවීම සිදු කරනවා. මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ හදවත් රෝග ඇති වීමේ අවධානම වැඩි වීමයි.  කළු චොකලට් අනුභවය මගින් LDL කොලේස්ටර්රෝල් ප්‍රමාණය අඩු කරන ගමන්ම අපිට හිතකර HDL කොලේස්ටර්රෝල් සංයුතිය වර්ධනය කිරීමත් සිදු කරනවා. තවද කළු චොකලට් මගින් ඉන්සියුලින් සදහා ශරීරය දක්වන ප්‍රතිවිරෝධය අඩු කිරීම අපිට ලැබෙන තවත් විශේෂ වාසියක් ලෙස හදුන්වන්නට පුළුවන්. මොකද ඉන්සියුලින් සදහා ශරීරය දක්වන ප්‍රතිවිරෝධය අඩු වීම මගීන් අනාගතයේ දියවැඩියාව හා හදවත් රෝග ඇති වීමේ විශාල අවධානමක් තිබෙන තිබෙන නිසා.

හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා

කළු චොකලට් තුල අඩංගු වන ජීව ක්‍රියාකාරී සංයෝග අපේ සමට ඉතාම සුවදායකයි. එහි ඇති ෆ්ලෙවනොල්ස් මගින් හිරු එළියෙන් සමට එල්ල වන පීඩාවන් අවම කරනවා. ඒ වගේම සම මතට රුධිර සැපයුම වේගවත් කර සමේ ඝනත්වය හා සජලනය වර්ධනය කිරීමද සිදු කරනවා. කළු චොකලට් පුරුද්දක් ලෙස කුඩා ප්‍රමාණයන්ගෙන් අනුභව කරන පුද්ගලයන් හට , වෙනත් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ලේසියෙන්,  අහිතකර සුර්ය කිරණ (Ultra Violate Rays ) මගින් ඇති කරන අතුරු විපාක වලින් බේරී සිටින්න පුළුවන්.

මොලයේ ක්‍රියාකාරිත්වය දියුණු කරනවා

ගුණාත්මක භාවයෙන් උසස් කළු චොකලට් අනුභව කරන්නන්ගේ මොළය වෙතට , වෙනත් සමාන්‍ය පුද්ගලයන්ට වඩා වැඩි රුධිර සැපයුමක් ගමන් කරන බව , නිරෝගී මිනිසුන් යොදා ගෙන සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා. ඒ වගේම මනස දුර්වල වූ මහලු වයසේ පසුවන පුද්ගලයන් හට කළු චොකලට් ආහාරයට ලබා දීම මගින් ඔවුන්ගේ සිතීමේ හා ක්‍රියා කිරීමේ ශක්තිය වර්ධනය කල හැකි බවද සදහන් වෙනවා. එමගින් ඔවුන්ට වේගවත්ව කතා කිරීමේ හැකියාව ලබා දෙන අතර වෙනත් සෞඛ්‍ය අවධානම් වලින් බේරී සිටීමටද සහයෝගය සපයනවා. කොකෝවා තුල අඩංගු වන කැෆෙන් හා තියෝබ්‍රොමයින් කියන උත්තේජක ධාතු කොටස් මගින් තමයි මෙලෙස කෙටි කාලයක් තුල මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට හැකි වෙලා තියෙන්නේ

source - wishma lokaya

ලංකාවේ අපි දිනපතා අනුභව කරන ලොව විෂ අධිකම පලතුර ඔබත් අනුභව කරනවද


ඔබත් ෆොරින් මේනියාවෙන් පෙළෙන්නෙක් ද? ඔබ සහ ඔබේ පවුලේ උදවිය වැඩිපුර සලකන්නේ ඔබේ නිවසට ඇපල් මල්ලක් අරන් එන ඥාතියාට ද? නැති නම් පැපොල් ගෙඩියක් අරන් එන ඥාතියාට ද? ‘පිටරටින් ගෙනෙනා හැම දෙයක් ම උසස් ය ගුණදායක ය” යන මූඨ ආකල්පය අපේ රටේ අති බහුතරයකගේ සිතේ තදින් පැලපදියම් වී ඇති කාරණාවකි. ෆොරින් බඩුවක්‘ ඉම්පෝටඞ් අයිටම් එකක්’ වැනි වචන හරහා ප‍්‍රකාශ කෙරෙන්නේ එයයි. ජන විඤ්ඤාණයේ ගැඹුරින් ම තැම්පත්ව ඇති මෙම අඳුරු, රැවටිළිකාර ආකල්ප ඉතාමත් ඕනෑකමකින් මකා නො දැම්මොත්, අපේ රටේ මිනිසුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම ලාංකීය සෞඛ්‍ය සේවා පද්ධතියට ලෙහෙසි පහසු නො වෙනු ඇත.
පාන් පිටිවලට අප මේ තරම් ඇලීගැලී සිටින්නේ, එහි ලාක්ෂණික ප‍්‍රත්‍යස්ථ හා ඇලෙන සුළු ගුණය නිසා ම නො වේ. ඒවා පිටරටින් අපට ගෙන්වන නිසා ය. පිටරටින් ආ අමුතු අමුතු නම් ඇති සුපිරි අවන්හල්, වෙළඳසල් සහ හෝටල් හතු පිපෙන්නාක් මෙන් බිහි වෙන්නේ ඒවා තුළ ඇත්තේ ෆොරින් කෑම නිසා ය. ෆ‍්‍රයිඩ් රයිස් කොයි තරම් නම් සෞඛ්‍යයට අහිතකර ද යන්න දැන සිටියත්, මිනිසුන් ඒවා ගිල දැමීමට ගිජු වී ඇත්තේ, ඒවා චීන, තායි කෑම නිසා ය. ගමේ ගොඬේ, වෙලේ, ලන්දේ තණ උලා කන එළදෙනගේ කිරි නො බී, දියවැඩියාවට, පියයුරු පිළිකාවට, ගැහැනු ළමුන් අඩු වයසින් මල්වර වන්නට ද හේතු විය හැකි හෝමෝන, ප‍්‍රතිජීවක, කෘමිනාශක, මෙලමයින් ආදි එකී නො කී රසායනික ද්‍රව්‍යවලින් දූෂිතව තිඛෙනා කිරිපිටි බොන්නේ ඒවා ෆොරින් කිරි’ නිසාය.
ගමේ හැදෙන අඹ ගෙඩිය, දොඩම් ගෙඩිය, පැපොල් ගෙඩිය කුණු වෙලා යද්දී, අවුරුදු ගණන් පරණ, නමුත් පරණ නො වීම පිණිස විෂ රසායන වර්ග යෙදූ, ඇපල්, මිදි, දොඩම් මිනිසුන්, ආදරයට තම දරුවන්ට දෙන්න ගෙදර ගෙනියන්නේ, ඒවා එංගලන්තේ, ඕස්ටේ‍්‍රලියාවේ හැදෙන මිදි, ඇපල් කියා හිතාගෙන මහා ආඩම්බරකාරී හැගීමෙන් ය. එහෙත් මේ බොහෝ ආහාර තුළ ඇත්තේ, මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර හලාහල වසවිස බව, ලෝකයා දැන සිටියත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු ඒවායේ ඇති අහිතකර බව හරි හැටි දන්නේ නැත.
විෂ පොවා වවන පලතුරක්
මෙයට කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැළෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්ය එම්. ආර්. එස්. බංඩාර මහතා, ආනයනික මිදි සහ ඇපල් පිළිබඳ ව තමන් විසින් කළ පර්යේෂණයක දී මිනිස් සෞඛ්‍යට අහිතකර බැරලෝහ සහ පළිබෝධ නාශකවල අවශේෂ කොටස් 47ක් පමණ එහි අන්තර්ගතව තිබී සොයා ගත් බව එතුමා අප හමුවේ හෙළි කළේ ය. ආනයනික පළිබෝධනාශක හා රසායනික පොහොර හරහා කැඞ්මියම් වැනි විෂ බැර ලෝහ මෙරටට පැමිණෙන බවට තමන් විසින් කළ පර්යේෂණයක දී තහවුරු වූ බවට පළමුව ප‍්‍රකාශ කළේ ද එතුමා ය. කෙසේ වෙතත් අපේ රටේ ඇත්තන් පවසන කිසිවක් පිළිනොගැනීමටත්, ඒවා අවඥාවේ කෙවිටෙන් තලා වීසි කර දැමීමටත් දක්වන උපන්ගෙයි රුචිකත්වය නිසාවෙන් , සුදු ජාතික විද්‍යාඥයින් ම කියන, අප විසින් සුදු යැයි සිතාගෙන ඉන්න රතු ඇපල් ගෙඩියේ ශෝචනීය කළු කථාව මෙතැන් සිට අපි විමසා බලමු.
මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රකට පර්යේෂණ පදනමක් වන Environmental Working Group – EWG විසින් සෑම වසරක දී ම යුරෝපා වෙළඳපොළේ විකිනිමට තිඛෙන පලතුරු හා එළවළුවල ඇති වස විස පිළිබඳ ව සොයා බැලීමක් සිදු කරනු ලබයි. ඒ අනුව ඔවුන් විසින් දූෂිතම එළවළු හා පලතුරු වර්ග 12 තෝරනු ලැබේ (Dirty dozen) සුපුරුදු පරිදි ම මෙම වසරේත් එම ලැයිස්තුවේ අංක එකට පත් වන්නට ඇපල් සමත් වී ඇත. එම ආයතනය විසින් පර්යේෂණයට ලක් කළ ඇපල්වලින් 92%ක් පමණ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමකින්, විවිධ පළිබෝධනාශක ශේෂ කොටස් සහ හානිකර බැර ලෝහ වර්ගවලින් දූෂිත වී තිබුණු බව හෙළි වී ඇත.
ඒ සෑම ඇපල් ගෙඩියක ම හානිකර රසායනික ද්‍රව්‍යයන් 56ක්වත් අන්තර්ගත ව තිබුණු බව වැඩිදුරටත් එම වාර්ථාවන්ගේ දැක්වේ. එහෙත් ඇපල් වගාකරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ඩොලර්, පවුම්වලට කට අරින තවත් විශේෂඥයින් යැයි කියාගත් පිරිසක් (උදා – ශ්‍රී ලාංකීය ඊනියා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන) විසින් ෑඋඨ ආයතනය සහ වෙනත් පර්යේෂණ රාශියකින් පෙන්වා දී ඇති තොරතුරු අභියෝගයට ලක්කරමින් සාවද්‍ය තොරතුරු ජනතාව අතර ප‍්‍රචාරණය කරමින් සිටී. එහෙත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම ඇපල් නිතර අනුභවය, නිදන්ගත රෝග රාශියකට ම හේතු වන්නට පිළිවන් වෙන බව සහ විශේෂයෙන් කුඩා ළමුන්, ගර්භිණි මවුවරු සහ රෝගී, දුර්වල උදවිය දූෂිත ඇපල් පරිභෝජනයෙන් වැළකීම ඔවුන්ගේ ශරිර සෞඛ්‍යයට හිතකර වනු ඇති බව ය. එහෙත්… අවාසනාවක තරම` ලංකාවේ අපි තවමත් මෙම ඇපල්, රෝගීන් සහ ගර්භිනි මවුවරුන් බැලීමට යාමේ දී රැගෙන යන්නෙමු.
කෙසෙල්, පැපොල්, පේර, නෙල්ලි නො කන අපේ දරුවන්ට අපි මහත් උජාරුවට ඇපල් කවන්නෙමු. අප රටේ නො තිබුණ ද ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් ආහාර ද්‍රව්‍යවල තිබිය හැකි එක් එක් පළිබෝධ නාශකයේ උපරිම ප‍්‍රමාණයන් සඳහා ප‍්‍රමිතීන් හඳුන්වා දී ඇත. නමුත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ, මෙම ඇපල් තුළ ඇතැම් රසායනික ද්‍රව්‍යයන් EWG විසින් අනුමත ප‍්‍රමාණයන් ප‍්‍රබල ලෙස ඉක්මවා ඇති බව ය. අනෙක් අතට අනුමත ප‍්‍රමාණයන් ඉක්මවා නො තිබුණා යැයි සිතමු. එහෙත් විවිධ රසායනික ද්‍රව්‍යයන් පනස් ගණනක් වෙන් වෙන්ව යම් ආහාරයක් මත හෝ ඒවා පරිභෝජනය කරනු ලබන මිනිසුන්ගේ ශරීර තුළ ස්වාධීනව නො පවතින බව නිසැක ය. ඒවා අතර සිදුවන සංකීර්ණ අන්තර් ක‍්‍රියාවන් රාශියක් හේතු කොටගෙන ඇතැම් විට අනපේක්ෂිත භයානක සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකි බව අප අමතක නො කළ යුතු ය.
ගහේ තිඛෙනවාට වඩා වැඩි කාලයක් කඩේ තිඛෙන්නේ කොහොම ද?
මල් ව්‍යාපාරයේ දී මල් ඉති හා මල් පොහොට්ටු වියළීම හා හැළීම නවතා සජීවි තත්ත්වයෙන් (ෆ්‍රෙෂ් ගතියෙන්) වැඩි කාලයක් තබා ගැනීමට වාණිජමය වශයෙන් භාවිත කරනුයේ සිල්වර් නයිටේ‍්‍රට් නම් වූ ද්‍රාවනයකි. වාණිජමය වශයෙන් සිල්වර් නයිටේ‍්‍රට් සාදානු ලබන්නේ තනුක නයිට්‍රික් අම්ලය තුළ සිල්වර් ලෝහය දිය කිරීමෙනි. මෙම ද්‍රාවණය මතුපිට තැවරීම හානිකර නො වූවත් ශරීරගත වීම ඛෙහෙවින් ම හානිකර බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, මෙම ද්‍රාවණය මල් ව්‍යාපාරයේ දී පමණක් නො ව, එළවළු සහ පලතුරු ව්‍යාපාරය තුළ ද සුලභ ව භාවිතයට ගැනෙන බව ලංකාවේ අප දැන නො සිටිය ද එය ලෝක ප‍්‍රසිද්ධ රහසකි. එබැවින් පරවුණු, කුණු වූ ඇපල් හෝ පිටරටින් ගෙන්වනු ලබන ඇට නැති නාරං හෝ මිදි අපට කිසි දිනක දැක ගන්නට නො ලැඛෙණු ඇත. සිල්වර් නයිටේ‍්‍රට් පලතුරු මතට යෙදීමෙන් සහ පලතුරු තුළට එන්නත් කිරීමෙන්, (ඇපල් ගෙඩියේ අලවා ඇති ස්ටිකරය ගලවා බැලූ විට මෙම එන්නත් කළ ස්ථානය දැක ගැනීමට ඔබට පිළිවන.) පලතුරු ස්වාභාවිකව ඉදීමේ ක‍්‍රියාවලියට හේතුවන එතිලීන් නිෂ්පාදනය වීම නිෂේධනය (සබයසඉසඑ) කෙරෙනු ඇත. එවිට පලතුරු දීර්ඝ කාලයක් නැවුම් ව සහ සජීවීව තබා ගැනීමට පිළිවන් වනු ඇත.
කෙසේ වෙතත් සිල්වර් නයිටේ‍්‍රට් කාලයක් තිස්සේ ශරීරගත වීමෙන්, ස්නායූ ආබාධ, මොළයට සිදුවන හානිකර තත්ත්වයන්, පිළිකා වැනි රෝගාබාධ රාශියකට ම ඉවහල්වන බවයි විද්‍යාඥයන් ප‍්‍රකාශ කරන්නේ.
එතෙර දී සිල්වර් – මෙතෙර දී ෆෝමලින්
ලංකාවේ පලතුරු අලෙවි කරන්නන්, නිතර නිතර තම පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසිනු ලබන බව ඔබ නිරීක්ෂණය කර ඇති. මේ නම් පිරිසිදු ඇල් වතුර යැයි ඔබ ද සිතන්නට ඇත. එහෙත් 99%ක් ම අවස්ථාවන් හි දී අවාසනාවකට ඔවුන් මේ ඉසිනු ලබන්නේ ජලයේ දිය කර ගත් ෆෝමලීන් ද්‍රාවණයකි. සුද්දා සිල්වර් නයිටේ‍්‍රට් යොදා මාස ගණනාවක් කල් තබා ගත් ඇපල්, කළු සුද්දා විසින් මළ මිනී එම්බාම් කිරීමට භාවිත කෙරෙන ෆෝමලින් භාවිත කර තව අවුරුද්දක් පමණ යස අපූරුවට කල් තබා ගනු ලබයි. අපේ කට්ටිය ෆෝමලීන් භාවිත කරන්නේ පලතුරුවලට පමණක් නො වේ. පැය 12න් ස්වාභාවිකව මීකිරි මුදවීමේ ක‍්‍රියාවලිය පැය 4න් කෘති‍්‍රම ව කර ගැනීම සඳහා ද එය බහුලව භාවිත කෙරේ. එසේ ම ඇතැම් කූට ව්‍යාපාරිකයන් විසින් ෆෝමලින් භාවිත කර කරවල, මාළු වැනි ආහාර වර්ගත් කල් තබා ගන්නා බව හෙළි වී ඇත.
විෂ ගැල්වූ ඇපල් දවටනය
ඇපල් වැනි පලතුරු ඔතා ඇති විවර සහිත ‘ඍජිෆෝම්’ දවටන සකස් කර ඇත්තේ පලතුරු, දිලීර හා බැක්ටීරියා ආසාදනවලින් බේරා ගැනීමට හැකි ප‍්‍රබල පළිබෝධ නාශක වර්ග ඒවා මත ගැල්වීමෙනි. මේ සඳහා තහනම් පළිබෝධ නාශක වර්ගයක් වන තිරාම් සහ ආසනික් අඩංගු දිළිර නාශක භාවිත කෙරෙන බව ද සොයාගෙන ඇත. මෙම හානිකර කටයුත්ත සුලභ වශයෙන් සිදු කෙරෙන්නේ චීනය තුළ වන අතර, වර්තමානයේ දී ලොව ප‍්‍රමුඛම ඇපල් වෙළෙන්දා වන්නේ ද චීනයයි. මෙම විෂ සහිත දවටන පිළිබඳ චීනයෙන් ඇපල් ගෙන්වනු ලබන වියට්නාමය වැනි රටවල් පවා පරීක්ෂණ සිදු කරමින් නිරන්තර අවධානයෙන් පසු වෙතත්, අපේ රටේ එවැන්නක් පිළිබඳ ව හාංකවිසියක්වත් නොමැත.
ඉටි ගෑ ඇපල්
පලතුරු කල් තබා ගැනීම සඳහා සිදු කරනු ලබන තවත් ක‍්‍රියාවක් වන්නේ, පලතුරු මත ආහාරයට ගත හැකි ඉටි වර්ගයක් තැවරීමයි. මේ සඳහා බහුලව ම භාවිත කෙරෙනුයේ මොර්පොලීන් සහ පැරෆින් නමින් හඳුන්වනු ලබන ඉටි වර්ගයන් ය. මින් මොර්පොලීන් රසායනිකය පිළිකා කාරක ලක්ෂණ පෙන්නුම් කරන බවට සැක කරන බැවින්, යුරෝපා සංගමයේ රටවල් තුළ භාවිත කිරීම තහනම් කර ඇත. නමුත් අවාසනාවකට ලංකාවට ඇපල් ගෙන්වනු ලබන රටවල් වන චීනය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල මෙය තහනම් කර නොමැත. පැරෆින් යනු, පෙටේ‍්‍රාලියම් පිරිපහදුවේ අතුරු ඵලයකි. සංශුද්ධ පැරෆින් හානිකර නොමැති බවට පිළිගැණුනත්, ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි ලාභයක් සඳහා තත්ත්වයෙන් බාල පැරෆින් භාවිත කරන බවට හෙළි වී ඇත. මේ බාල පැරෆින් තුළ ඛෙන්සීන්, ටොලූවීන් වැනි පිළිකාකාරක පවා අන්තර්ගත විය හැකි බව සොයාගෙන ඇත.
විශේෂ සටහන – මෙහි දී අප හොඳින් මතකයේ තබා ගත යුතු කාරණාවක් වන්නේ ලංකාවට ගෙන්වනු ලබන පලතුරු වනාහි ලොව තත්ත්වයෙන් බාල බවට කන්ඩෙම් වූ ඒවා බවත්, උක්ත පර්යේෂණවලට ලක් කොට ඇත්තේ ඇමරිකාව වැනි රටවල අලෙවි කෙරෙන තත්ත්වයෙන් උසස් යැයි සම්මත පලතුරු බවත් ය.
වසරකට ඇපල් ගෙඩි කෝටි 20ක් අනුභව කරන රටක්
සාමාන්‍යයෙන් වසරකට අපේ රටට පිටරටින් ආනයනය කරනු ලබන පලතුරු ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 42,000ක් පමණ වේ. ඉන් ඇපල් පමණක් සැලකූ විට එය, ගෙඩිවලින් කෝටි 20ක් පමණ වේ. රට වටකර වරකා ගස්, පේර ගස්, අඹ ගස්, කෙසෙල් ගස් තිඛෙනා රටක ජීවත් වෙන අපි, වස විස කන්න මේ තරම් ජාතික ධනයක් කාබාසිනියා කිරීම ගැන හඬා වැලපිය යුත්තෙමු. ලැජ්ජාවට, අපහාසයට හා උපහාසයට ලක්විය යුත්තෙමු.
ඇපල් වගේ ද පැපොල්?
අපේ රටේ ස්වාභාවිකව හැදෙන නෙල්ලි ගෙඩියේ, පැපොල්, ජමනාරං, වරකා, කාමරංගා, වෙරළු, ජම්බෝල ගෙඩියේ තිඛෙන පිළිකා වළක්වන ප‍්‍රතිඔක්ෂිකාරක ගුණය ද ඇතුළු මාහැගි පෝෂණ ගුණයන් පිළිබඳ ව මෙලෝ හසරක් නො දන්නා වූ අපේ රටේ ඇත්තන් බොහෝ දෙනෙකු තවමත් හිතාගෙන ඉන්නේ ඇපල් වනාහි මහා පුදුමාකාර ගුණ කන්දරාවක් ඇති පලතුරක් ලෙස ය. එහෙත් ඇත්ත කතන්දරය වන්නේ පැපොල් ගෙඩියේ පෝෂණය අහලකටවත් ඇපල් ගෙඩියට ළං වන්නට නො හැකි බව ය.
දැන් ඔබට වැටහෙනවා ඇති ‘දිනකට ඇපල් ගෙඩියක් අනුභව කිරීමෙන් වෛද්‍යවරයා ඔබේ නිවසට නො ගෙන්වා සිටිය හැකි ය’ යන බටහිර ප‍්‍රකට කියමන වහාම වෙනස් කළ යුතු ව ඇති බව. දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන්, ඔබේ වෛද්‍යවරයා පොහොසත් වෙනු ඇත’ ලෙස එය වෙනස් කළ යුතු ව ඇත.
source - wishma lokaya

නින්දට යාමට පෙර තෙත මේස් පළඳන්න. Warming Socks රාත්‍රී සත්කාරය


එක් වරම කනට ඇසුණු සැණින් සිතට අපහසුවක් දැනුනද තෙත් මේස් ප්‍රතිකාරය එක්තරා විදියක ද්‍රව චික්ත්සාවක්. (Hydrotherapy ). ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට Warming Socks කියලත් කියනවා. තෙත මේස් සත්කාරය සාම්ප්‍රදායික නොවන දෙයක් වුවත් මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ වෙනත් රෝග වලින් සුවය ලබාගැනීම සදහා ඉතාමත් ඵලදායි වන සත්කාරයකි. ඇත්තටම මේ තෙත මේස් ප්‍රතිකාරය ලෝකෙට අලුත් දේකුත් නොවෙයි. මෙය ලොවට හදුන්වා දුන්නේ ජර්මනියේ ජිවත් වූ Sebastian Kneipp නැමති පුජක තුමෙක්. ඒ මීට වසර 100කට විතර කලින්. ඔහු එවකට ජිවත් වූ ද්‍රව චිකිත්සා විශාරදයෙක්.
තෙත මේස් සත්කාරය ක්‍රියා කරනු ලබන්නේ කෙසේද?
මෙමගින් රුධිර නාලිකා වර්ධනය විම සදහා ඔබගේ දෙපා සිසිල් කරනු ලබන අතර ඔබගේ අවයව සහ පටක සදහා අවශ්‍ය වන පෝෂ්‍යය පදාර්ථ යැවීමක් සිදු කරනු ලබයි. ඔබගේ ශරීරයට අසාත්මිකතා සමග සටන් කිරීමට සහ තුවාල සුව වීමට මෙම පෝෂ්‍යය පදාර්ථ අවශ්‍ය වේ. වසා ගැටිති වෙත රුධිරය සැපයීම වේගවත් වීම මගින් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් වේ. ඔබගේ ශරීරයේ පටක තුල ඇති විෂ රුධිරයට එක් වීමේදී මෙම සත්කාරය සිදු කිරීමෙන් ඒවා බැහැර කරගැනීමට උපකාර වේ.
තවද මෙම සත්කාරය මගින් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග වලට සුවයක් ලබා ගැනීම, නාසය හිරවීම, උගුර වන වීම ීදරු එයරද්එ , හිසරදය, කැස්ස සහ නින්ද නොයාම සදහාද ප්‍රතිකාරයක් සිදුකර ගැනීමට හැකි වේවි.
තෙත මේස් සත්කාරය සිදු කර ගැනීම සදහා හොදම වෙලාව?
මෙම රෝගී තත්ත්ව වලදී වැළදුණු පළමු දිනයේදීම මෙම සත්කාරය සිදු කර ගත යුතු වේ. ඉන් පසුව ඉදිරි දින තුනෙහි රාත්‍රියේදී මෙම සත්කාරය නැවතත් සිදු කරන්න.
අවශ්‍ය වන ද්‍රව්‍ය
තුනී කපු මේස් යුගලයක්
ඝන වූල් මේස් යුගලයක්
ඉතා සිසිල් ජලය
උණුසුම් ජලය (විශාල භාජනයක් තුල)
තුනී කපු මේස් යුගලය සිසිල් ජලයේ පොගවන්න. ඉන් පසුව ඔබගේ පාද උණු ජලයේ පොගවන්න. ඔබගේ පාද ජලයෙන් ඉවතට ගෙන පාද වියලා ගන්න. තුනී කපු මේස් යුගලය හොදින් මිරිකා පළදින්න. ඉන් පසුව ඝන වූල් මේස් යුගලය ඊට උඩින් පැළද රැය පහන් කරන්න. උදෑසන ඔබට දැකගන්න ලැබේවි ඔබගේ පාද උණුසුම් වී තුනී කපු මේස් යුගලය වියළි ඇති ආකාරය. ඔබගේ පාද උණු වතුරේ දමා පොගවා ගන්නා පියවර අත්‍යවශ්‍ය වන බව සලකන්න.
ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය සාමාන්‍ය නම් මෙම ප්‍රතිකාරය සිදු කිරීමට පෙර ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. එසේ නොමැතිනම් මෙම ප්‍රතිකාරය ඉහත පියවරයන් අනුගමනය කර සිදු කරන්න. මෙම ලිපිය ප්‍රයෝජනවත් යැයි ඔබ සිතනවා නම් මිතුරන්ටත් බලන්න පහළින් ශෙයා කරන්න යාලුවනේ. ඔබට ජය

source - wishma lokaya

සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් කියන බොරු පහක් මෙන්න

අද කියන්න යන්නේ හැම ගැහැනියක් විසින්ම තම  පිරිමියාට කියන බොරු පහක් ගැන. මේ විදියට බොරු කියන්න විවිද හේතු තියෙන්න පුළුවන්. ඒ මොනවා උනත් පිරිමි වගේම ගැනුත් බොරු කියනවා.ගැහැණු කියන දේවල් තේරුම් ගන්න එක හරිම  අමාරු වැඩක්. හිතේ එකක් තියා ගෙන කටින් කියන්නේ තවත් එකක්.

මට මේ අහන දේට අවංකව ඇත්තම කියන්න, මට පුලවන් දරා ගන්න

ගැනුන්ගේ මෙන්න මේ බොරුව නම් ඔයාලා ඕනේ තරම් අහලා ඇති. මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාගේ බිරිද හෝ පෙම්වතිය අලුත් කොන්ඩ මෝස්තරයක් දාලා ඔයාගෙන් අහනවා එක ලස්සනයි ද කියලා කියන්න කියලා. මේ ප්‍රශ්නේ අපෙන් අහලා අන්තිමට පොඩි කැල්ලකුත් add කරනවා මෙන්න මේ  වගේ.”ඔයා මට අවංකවම ඇත්ත කියන්නකෝ මේ කොන්ඩ style එක ගැන / ඇත්තම කියන්න අහ්හ් මට අව්ලක් නෑ”.අහුවෙන්න නම්  එපා කොල්ලනේ . ඔය අන්තිමට add කරන ටික ලෝක බොරුවක්.ඒක නිසා ගොඩක් හොදයි කියන්න යන්නත් එපා.කීයටවත් නරකයි කියන්න යන්නත් එපා. මැද මාවතේ උත්තරයක් දෙන්න. ගොඩක්  පිරිමි  නම් මේ බොරුවට හොදටම අහු වෙනවා.

මගේ හිතේ ඔය ඉරිසියාව නැනේ

ඉරිසියාව නැත්තම් ඉතින් ගෑනියෙක් වෙන්න බෑ.මේක පට්ටම පට්ට ගල් පැලෙන බොරුවක්.ගැනුන්ගේ හිත් වල ඉරිසියාව නැත්තම් ඉතින් ලෝක පුදුමයක්.ඔබේ පෙම්වතිය හෝ බිරිද මෙහෙම කියනවා නම් කවදාවත් මේ දේ විශ්වාස කරන්න  යන්න එපා

මට ඔයාව අමතක කරන්න බැරි කමක් නෑ / මම ඔයාට පිස්සු වැටිලා නෑ

මේ වගේ දෙයක්  ඔබේ පෙම්වතිය හෝ බිරිද විසින් ඔයාල දෙන්න රණ්ඩුවක් වෙන වෙලාවට ප්‍රකාශ  කරොත් එක ගොඩක් වෙලාවට අමුලික බොරුවක්. ඇය එහෙම කරන්නේ ඔබව රිද්දන්න මිසක් ඇත්තට නෙවෙයි. ඇය එහෙම දරුණු දෙයක් කියන්න නම් සාධාරණ හෙතුවක් තියෙන්න ඕනේ ඔබ ගැන ඇයගේ හිත තුල ලොකු කලකිරීමක් ඇති වෙන්න. එහෙම සාදාරන හේතුවක් නැතුව ඇය මෙහෙම  ප්‍රකාශයක් කරොත් ඔබ කිසි ලෙසිකින් වත් බිය වීමට අවශ්‍ය නෑ. මොකද එක ගැණු පිරිමින්ට කියන ලොකුම ටොම් පච පහෙන් එකක්  නිසා

ඔබ හොදට කරා/ නියමයි

ඔබේ බිරිද හෝ පෙම්වතිය විසින් ඇය වෙනුවෙන් ඔබ කරපු දෙයක් වෙනුවෙන් මෙන්න මේ වගේ වචන දාලා ඕනෙවට වඩා අගය කිරීමක්   කරන කොට පොඩ්ඩක් පරිස්සමට මේ ගැන කල්පනා කරන්න. ඔබ ඇය වෙනුවෙන්  කරපු වැඩෙන්/උදව්වෙන් ඇය සැබෑ ලෙසම සතුටු උනා නම් ඇය ඔබට කෘතඤ වෙන විදියක් තියෙනවා.”ඔයා  කරපු දේට මං ගොඩක් ණයගැතියි” වගේ වාක්‍යක් භාවිතා කරාවි. නැත්තම් ඇය ඔබට පෙරලා මොනවා හරි උදව්ව්වක් කරනන් හොයයි ඒ වෙනුවට. හැබැයි එහෙම නැතුව ඔබ හොදට කරා,නියමයි වගේ වචන දාලා නිකන් ඕනෙවට වඩා ඇය ඔබව අගය කරනවා නම් ඒ කරන්නේ බොරුවට. කරන්න දෙයක් නැති කමට.එහෙම උනොත් එක දෙයයි ඉතින් හිතා ගන්න තියෙන්නේ. ඔබ කරපු වැඩේ අසාර්තකයි.

මම මගේ පරණ පෙම්වතාව අමතක කරලා ඉවරයි. මන් එයා ගැන තව දුරටත් හිතන්නේ නෑ

ගැහුණු පිරිමි බේදයකින් තොරව තමුන් කලින්  ආදරය කරපු අය ගැන ඉදලා හිටලා හරි හිතනවා. පිරිමින්ට වඩා හැබැයි ගැනු තමයි මේ දේ වැඩියෙන් කරන්නේ. ඇය නිරන්තරයෙන් ඔබව පරණ පෙම්වතුන් සමග සංසන්දනය කරනවා.එක නවත්තන්න බෑ. එක ගැහුණුන්ට උත්පත්තියෙන්ම ලැබිලා තියෙන දෙයක්. ගැහැණු ඔබව මැරෙන කම් අනිත් අය එක්ක සංසන්දනය කරනවා. ඒ නිසා මේ ගැනත් දැන ගෙන ඉන්න
source - wishma lokaya

Friday, September 1, 2017

Comic Con විහිළුව නිසා අපහසුතාවයට පත්වූ ලාංකීය තරුණියන් එක රැයින් ජාත්‍යන්තරය ජයගනී..


සැන් ඩියාගෝ කොමික්-කන් ඉන්ටර්නැෂනල් යනු ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් ඩියේගෝහි වාර්ෂිකව පවත්වනු ලබන විනෝදාත්මක සහ ත්‍රස්යජනක සම්මුතියකි. එය 1970 දී පටන් පවතී එන්නක් වන අතර එහි වෙබ් අඩවියේ සඳහන් පරිදි නම: Comic-Con International: San Diego; නමුත් එය පොදුවේ හඳුන්වනු ලබන්නේ කොමික්-කොන් හෝ සැන් ඩියේගෝ කොමික්-කොන් හෝ “SDCC” ලෙසයි.

ඇත්තටම මේකේ වෙන්නේ, අපි බලන චිත්‍රපටවල, ටීවී සිරිස් වල චරිත ඉන්නවනේ, උදාහරණයක් විදිහට, ස්පයිඩර් මෑන්, බැට් මෑන්, වොන්ඩර් වුමන්, ඇරෝ , ජෝන් ස්නෝ ආදී චරිත, ඒ අය වගේ ඇඳගෙන එම චරිතය නිරුපනය කිරීමේ උත්සවයක්. මේක ලෝකේ බොහෝ රටවල වාර්ෂිකව පැවැත්වෙනවා වගේම ලොකු ජනප්‍රියත්වයක් මෙම උත්සවයට තිබෙනවා.

ශ්‍රී ලංකාව තුලද මෙම උත්සවය කිහිප වරක් පැවැත්වුන අතර, පසුගිය අගෝස්තු 26 වනදා එහි තවත් මුහුණුවරක් ක්‍රියාත්මක විය. මෙම උත්සවය පවතවා පැය 24 ක් යාමට මත්තෙන් මෙම උත්සවයේ රූපරාමු අන්තර්ජාලය වැලඳ ගැනීමට සමත් වූ අතර, Comic-con හි අර්ථය නොදත් සමහරක් ෆේස්බුක් චරිත සහ ඇඩ්මින්වරු විසින් මෙහි සිටි සමහරක් කාන්ත්වාන්ගේ හා තරුණයින්ගේ පින්තුරු ගෙන , ඒවා යොදා විවධ විහිළු තහළු පෝස්ට් සාදා බුකියේ පල කර තිබුණි. අප දුටු එවැනි අපහාසාත්මක පෝස්ට් කිහිපයක්,




කෙසේ නමුත් Cosplay වල තේරුම නොදන්නා පිරිසක් මෙයට හිනා වුවත්, ඔවුන් එසේ කෙනෙකුගේ චරිතය ඝහතනය කිරීම වැරැද්දක් යැයි පවසා බුකියේ මෙන්ම ටිව්ටර් හරහාද විවධ වාද විවාද පැවැත්විණි. කෙසේ නමුත් මෙය ජාත්‍යන්තර පුවතක් බවට පත්වන්නේ එතැනිනි.


ට්විටර් හි සිටින මතිෂ නම් සොහොයුරා විසින්, එසේ අපහාසයට ලක්වූ කාන්තාවන් දෙදෙනකු සිටින පින්තුරයක් ට්විටර් හි පල කර ” මෙම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවේ |Comic-con එකට ඉදිරපත් වීම නිසා මේ වනවිට අපහාසයට ලක්වෙමින් සිටි, ඔවුන් සුන්දරයි කියා ඔබට සිතනවා නම් මෙය re-tweet කරන්න ” යනුවෙන් පළකර තිබුණි.

ඔහු එය පළකර පැය 24 ක් යන්නට මත්තෙන් එම ට්විටර් පණිවුඩය ලෝ වටා ප්‍රචලිත වීම නිරුපනය වන්නේ re-tweet ( ෆෙසුබුක් එකේ share කරන වගේ අර්ථයක් තමයි ට්විටර් හි re-tweet කියන්නේ ) 26,000 කට අධික ප්‍රමාණයක් හා ලයික්ස් 35,000 කට අධික ප්‍රමාණයක් පැමිණ තිබුණි.

එමෙන්ම එම ට්විටර් පණිවුඩය, ට්විටර් හි සිටින වෙරිෆයිඩ් ගිණුම් සහිත ට්විටර් තරු ද, වොන්ඩර්වුමන් චිත්‍රපටියේ අද්යක්ෂිකාවද එය re-tweet කර තිබුනේ, ඔවුන් දෙදෙනා ඉතා අලංකාර චරිත බව පවසමිනි.



කෙසේ නමුත් කෙනෙකුගේ චිර්තය විහිළුවට ලක් කර, හුදෙක් ආතල් ගැනීමේ පහත මානසිකත්වයෙන් සිටින සමහරකගේ අරමුණු නිසා අන්තිමට එම කෙල්ල ජාත්‍යන්තරය ජයගත් චරිතයක් බවට පත්විය. මඩ ගහපු කට්ටියට කට උත්තර නැති විය. ජිවිතේ දෙයක් ලැබෙන්න නම් කට්ට කන්න ඕන කියන්න මෙය හොඳ උදාහරණයක්. හැමදේම වෙන්නේ හොඳට කියන්නත් මේක හොඳ උදාහරණයක්.

දවස් 2,3ක් කනස්සලෙන් සිටි එම තරුණියන් දෙදෙනා දැන් සතුටු වෙනු ඇත.
පසුගියදා ශ්‍රී ලංකාවේ පවතී comi-con හි පින්තුරැ කිහිපයක් පහතින්.....

උපුටා ගැනීම බ්‍රෝ පිටුවෙනි.....