කළු චොකලට් තුල අඩංගු වන පෝෂණ ගුණය මගින් අපේ සෞඛ්‍යට ධනාත්මක ලෙස බලපෑම් කල හැකියි. කොකෝවා ගසේ හට ගන්නා ගෙඩි මගින් සකස් කර ගන්නා කළු චොකලට් , මිහිමත ඉහළම ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති ආහාර වර්ග වලින් එකක් ලෙස හදුන්වන්නත් පුළුවන්. විවිධ සෞඛ්‍ය අධ්‍යනයන්ට අනුව කළු චොකලට් ( සිනි අධික ලෙස යෙදු ව්‍යාජ කළු චොකලට් නොවේ ) අනුභව කිරීම මගින් හදවත් රෝග ඇති වීමේ අවධානම පවා අඩු කර ගත හැකි බව සොයා ගෙන තිබෙනවා. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ කළු චොකලට් අනුභව කිරීම මගින් අපට ලඟා කර ගත හැකි සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැනයි
විශාල පෝෂණ ගුණයක් අන්තර්ගතයි
ඔබට පුළුවන් නම් ගුණාත්මක භාවයෙන් උසස් (ඉහල කොකෝවා ප්‍රමාණයක් අන්තර්ගත වන ) කළු චොකලට් අනුභව කරන්නට එමගින් ඉතාම ඉහල පෝෂණ ගුණයක් ඔබේ ශරීරයට ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් කළු චොකලට් ග්‍රෑම් 100ක බාර් එකක කොකෝවා ප්‍රතිශතය 75% ක් 80% විය යුතුයි. අපි දැන් බලමු මෙම තත්වයේ කළු චොකලට් ග්‍රෑම් 100ක් තුල අන්තර්ගත වන පෝෂණ සංයුතිය කොපමණද කියලා
ෆයිබර් ග්‍රෑම් 11
දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 67%
දෛනික මැග්නිසියම් අවශ්‍යතාවයෙන් 58%
දෛනික කොපර් අවශ්‍යතාවයෙන් 89%
දෛනික මැන්ගනීස් අවශ්‍යතාවයෙන් 98%
මීට අමතරව පොටෑසියම් , පොස්පරස් , සින්ක් , සෙලේනියම් හා හිතකර මේද අම්ල යහමින් කළු චොකලට් තුල අන්තර්ගත වෙනවා.
( කළු චොකලට් ග්‍රෑම් 100ක් ක් යනු කිසිසේත්ම එකවර ආහාරයට ගැනීමට සුදුසු ප්‍රමාණයක් නොවේ. කළු චොකලට් ග්‍රෑම් 100ක් තුල කැලරි 600ක් පමණ අන්තර්ගත වෙනවා. යහපත් සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට සුළු ප්‍රමාණයන්ගෙන් දිනපතා ආහාරයට ගැනීම සුදුසුයි.)
බලගතු ප්‍රතිඔක්සිකාරකයක්
ඔබ අහලා තියෙනවද ORAC දර්ශකය ගැන. ORAC දර්ශකය මගින් තමයි ආහාර සතු ප්‍රතිඔක්සිකාරක හැකියාව මනිනු ලබන්නේ. ORAC දර්ශකයේ මේ අකුරු වල තේරුම වන්නේ (Oxygen Radical Absorbance Capacity – ඔක්සිජන් අණු අවශෝෂණ හැකියාව) කියන එක. දැන් අපි කියනවනේ මෙන්න මේ ආහාර වර්ග වල ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා කියලා. කොහොමද එහෙම කියන්නේ. ඇත්තටම මේ දේවල් රසායනාගාර තුල කරන සංකීර්ණ පරීක්ෂණ ඔස්සේ තමයි ලෝකයට නිරාවරණය වෙන්නේ. මෙහිදී විද්‍යාඥයන් විසින් විවිධ ආහාර මතට නිදහස් අහිතකර ඛණ්ඩක (Free Radicles) එන්නත් කිරීම සිදු කරනවා. එන්නත් කරලා ඔවුන් බලා සිටිනවා ආහාර කොහොමද මේ නිදහස් ඛණ්ඩක සමග සටන් කරන්නේ කියලා. මේ හැකියාව වැඩි ආහාර වර්ග තමයි ප්‍රතිඔක්සිකාරක බලයෙන් වැඩි ආහාර ලෙස සෞඛ්‍ය විශාරදයන් හදුන්වන්නේ. ඉතින් ඒ විදියට පරීක්ෂණ කරලා ඉහලින්ම සමත් උණු ආහාරයක් තමයි කළු චොකලට් කියන්නේ.
රුධිර ගමනාගමනය විධිමත් කර අධි රුධිර පිඩනය අවම කරනවා
කළු චොකලට් තුල අඩංගු වන ෆ්ලෙවනොල්ස් මගින් රුධිර නාල ආස්තර උත්තේජන කර නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම වේගවත් කරනවා. නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ වායුවක්. නයිට්‍රික් ඔක්සයිඩ් මගින් සිදු කරන එක් ප්‍රධාන කාර්යයක් තමයි රුධිර නාල විවේක ගැන්වීම සදහා සංඥා සැපයීම. මෙම ක්‍රියාවලිය මැනවින් සිදු වීම නිසා රුධිර ගමනාගමනය මත යෙදෙන අනවශ්‍ය ප්‍රතිරෝධය අවම වී අධි රුධිර පිඩනය පාලනය වීම සිදු වෙනවා.
හදවත් රෝග ඇති වීමේ අවධානම අඩු කරනවා
කළු චොකලට් අනුභවය මගින් හදවත් රෝග ඇති කරන අවධානම් කාරණා රැසක් යටපත් කර ගත හැකියි. එක්තරා පරීක්ෂණයක් හරහා කළු චොකලට් මගින් පිරිමින්ගේ ඔක්සිකරණය වූ LDL කොලේස්ටර්රෝල් සංයුතිය පහත දමන බව සොයා ගෙන තිබෙනවා. LDL කොලේස්ටර්රෝල් කියන්නේ අපේ ශරීරයේ තිබෙන අහිතකර (නරක )කොලේස්ටර්රෝල්. ඒවා නිදහස් අණු හා ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි ඔක්සිකරණය වූ LDL කොලේස්ටර්රෝල් නිර්මාණය වෙන්නේ. මේවා ශරීරය තුල පැවතීම ඉතා භයානකයි. ඔක්සිකරණය වූ LDL කොලේස්ටර්රෝල් මගින් රුධිරය ප්‍රවාහනය කරන රුධිර නාල ආස්තර වලට හානි පැමිණවීම සිදු කරනවා. මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ හදවත් රෝග ඇති වීමේ අවධානම වැඩි වීමයි. කළු චොකලට් අනුභවය මගින් LDL කොලේස්ටර්රෝල් ප්‍රමාණය අඩු කරන ගමන්ම අපිට හිතකර HDL කොලේස්ටර්රෝල් සංයුතිය වර්ධනය කිරීමත් සිදු කරනවා. තවද කළු චොකලට් මගින් ඉන්සියුලින් සදහා ශරීරය දක්වන ප්රතිවිරෝධය අඩු කිරීම අපිට ලැබෙන තවත් විශේෂ වාසියක් ලෙස හදුන්වන්නට පුළුවන්. මොකද ඉන්සියුලින් සදහා ශරීරය දක්වන ප්රතිවිරෝධය අඩු වීම මගීන් අනාගතයේ දියවැඩියාව හා හදවත් රෝග ඇති වීමේ විශාල අවධානමක් තිබෙන තිබෙන නිසා.
හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා
කළු චොකලට් තුල අඩංගු වන ජීව ක්‍රියාකාරී සංයෝග අපේ සමට ඉතාම සුවදායකයි. එහි ඇති ෆ්ලෙවනොල්ස් මගින් හිරු එළියෙන් සමට එල්ල වන පීඩාවන් අවම කරනවා. ඒ වගේම සම මතට රුධිර සැපයුම වේගවත් කර සමේ ඝනත්වය හා සජලනය වර්ධනය කිරීමද සිදු කරනවා. කළු චොකලට් පුරුද්දක් ලෙස කුඩා ප්‍රමාණයන්ගෙන් අනුභව කරන පුද්ගලයන් හට , වෙනත් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ලේසියෙන්, අහිතකර සුර්ය කිරණ (Ultra Violate Rays ) මගින් ඇති කරන අතුරු විපාක වලින් බේරී සිටින්න පුළුවන්.
මොලයේ ක්‍රියාකාරිත්වය දියුණු කරනවා
ගුණාත්මක භාවයෙන් උසස් කළු චොකලට් අනුභව කරන්නන්ගේ මොළය වෙතට , වෙනත් සමාන්‍ය පුද්ගලයන්ට වඩා වැඩි රුධිර සැපයුමක් ගමන් කරන බව , නිරෝගී මිනිසුන් යොදා ගෙන සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා. ඒ වගේම මනස දුර්වල වූ මහලු වයසේ පසුවන පුද්ගලයන් හට කළු චොකලට් ආහාරයට ලබා දීම මගින් ඔවුන්ගේ සිතීමේ හා ක්‍රියා කිරීමේ ශක්තිය වර්ධනය කල හැකි බවද සදහන් වෙනවා. එමගින් ඔවුන්ට වේගවත්ව කතා කිරීමේ හැකියාව ලබා දෙන අතර වෙනත් සෞඛ්‍ය අවධානම් වලින් බේරී සිටීමටද සහයෝගය සපයනවා. කොකෝවා තුල අඩංගු වන කැෆෙන් හා තියෝබ්රොමයින් කියන උත්තේජක ධාතු කොටස් මගින් තමයි මෙලෙස කෙටි කාලයක් තුල මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට හැකි වෙලා තියෙන්නේ
source - wishma lokaya
No comments:
Post a Comment