දූදරුවන් ටිකින් ටික උස් මහත් වෙනකොට ආදරය පෑල දොරින් පලා යන්න දෙන්න එපා. හෝර්මෝන ඔබේ සිරුරට කරන වෙනස්කම් නිසා මෙතෙක් සැමියාගේ ආකර්ෂණය වී තිබූ සුන්දරත්වය අහිමි වුණොත්…. එය ඔබට ජීවිතයටම පිරිමසාලන්නට නොහැකි පාඩුවක් වේවි.
කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝර්මෝනත් පිරිමින්ට ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනත් මැදිවයසේදී කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. කළු කෙස් සුදුවීමට, කායික සෙනෙහසින් දුරස්වීමට හෝර්මෝන වගකිව යුතුය. එහෙත් අපට ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම වැඩි කරගත හැකි නම් වියපත් පෙනුමට සැබෑම අභියෝගයක් විය හැකියි.වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොස්ටන් සරසටියේ වයස්ගතවීම වැළැක්වීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැරොලින් ඇපෝවියන් සැමියාටත්, බිරියටත් දෙන්නටම හැට පිරුණත් තරුණ තරුණියන් සේ ආකර්ෂණියව, වයස් කල්‍යාණය ඇතිව ජීවත්වීමට අපූරු උපදෙස් මාලාවක් ලබා දෙනවා. මැදි වයසේදී කාන්තාවන්ගේ උදරය මේද පිරී බැලුම් බෝලයක් වගේ විශාල වෙනවා. මීට හේතුව ඩිම්බ කෝෂවලින් පිටවෙන ඊස්ට්‍රජන් හෝර්මෝණය නිපදවීම අඩුවීමයි. මෙවිට මේද ෙසෙල වඩා විශාල වන්නේ, අඩුවෙන ඊස්ට්‍රජන් මට්ටම පුරවාලන්නටයි. මේද ෙසෙලවලට ඊස්ට්‍රජන් නිපදවිය හැකියි. මෙවිට උදරය මහත් වෙනවා.
ඊස්ට්‍රජන් අඩුවීම අපේ කෙස් කලඹටත් බලපානවා. කෙස් වැඩීම අඩුවෙනවා. වැඩිපුර කෙස් වැටෙනවා. ආර්තවහරණය වන කාලයේ ඇන්ඩ්රජෙන් නම් පිරිමි හෝර්මෝනය වැඩිවෙනවා. මේ නිසා හිස කෙස් තුනී වෙනවා. ඒත් ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝණය කාන්තා සිරුරේ අඩු නිසා දෙදෙනාගේ කායික ආකර්ෂණයට ඇති කැමැත්ත අඩු වෙනවා.
ඊස්ට්‍රජන් අඩුවීම යෝනි මගේ වියළි බවටත් හේතුවක්. සමේ කොලජන් අඩුවී සම ඉක්මනට වයස්ගත වනවා. අස්ථිවල ඝනත්වය අඩු වී ඉක්මනට කැඩී බිඳී යන තත්ත්වයට පත්වනවා. මතකය අඩුවීම, හදවත් ගැටලු ඇතිවීම අතිවිය හැකි තවත් ගැටලු 2ක්.
පිරිමින් හෝර්මෝන වෙනස නිසා තරබාරු වෙනවා. නින්ද පිළිබඳ ගැටළු, වෙහෙස ඇතිවෙනවා. කායික සබඳතා පැවැත්වීමේ සවිය දුබල වෙනවා වයස අවුරුදු හතළිහෙන් පසු වාර්ෂිකව සියයට 1 – 2 ක් බැගින් මාංසපේශී ධාරිතාව අඩුවෙනවා. සිරුරේ මේදය වැඩිවෙනවා. විශේෂයෙන්ම උදරයේ වැඩිපුර මේදය කායික සබඳතාවලට බාධාවක්.පිරිමින්ගේ උදරයේ මේද ටෙස්ටොස්ටෙරෝන්වලට පරිවර්තනය වෙනවා. කායික ඇසුරට එය බාධාවක් වෙනවා සේම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා අවදානමද වැඩි කරනවා. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීමෙන් පිරිමින්ගේ කෙස් තුනී වෙනවා. විෂාදය ඇති වෙනවා අස්ථි ධාරිතාව අඩුවෙනවා. උස අඩුවී මාංසපේශී සවිය ද දුබලවෙනවා.
මෙන්න වෛද්‍ය කැරොලින් කාන්තාවන්ට ආර්තවය පවතිද්දී මෙන්ම තාරුණ්‍යයෙන් සිටීමට උදව්වෙන බවට සහතික කළ ආහාර
තල – තල ඇටවල අධික ලෙස ඊස්ට්‍රජන් අඩංගුයි. මෙය පියයුරු පිළිකා සෑදීම ද වළක්වනවා. තලවල ඔමෙගා 3 ද අඩංගුයි. ඔමෙගා 3 සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරනවා.
සෝයා ප්‍රෝටීන – අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. අස්ථි සවිමත් කරනවා. සෝයා බෝංචිවල ඇති ඉරොෆලේවෙන්ස් ඊස්ට්‍රජන්වලට සමානයි. ආර්තවහරණයෙන් පසු ඇතිවන සිරුරේ දාහය, පියයුරු පිළිකා, හෘද රෝග, ඔස්ටියෝපොරෝසිස් අවම කිරීමට සෝයා ප්‍රෝටීන උදව් වෙනවා.
තද කොළ පැහැති එළවළු – ඔස්ටියෝපොරෝසිස් වළක්වනවා. මේවායේ විටමින් ඩී සහ කැල්සියම් තිබීම ඊට හේතුවයි. මෙහි අඩංගු විටමින් කේ මගින්ද අනගි සහායක් ලැඛෙනවා.
ගස්ලබු – විටමින් සී ගබඩාවක්. ආර්තවහරණය වුණු කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නංවනවා.
මේදමය මාළු – සැමන්, මැකරල්, සාඩින්ස්, ප්‍රදාහයන් වළක්වනවා. විශේයෙන්ම කතුන්ට ගුණයි. හෘදය, පියයුරු සහ අස්ථි සෞඛ්‍යයට මෙය අත්‍යවශ්‍යයි. ගතේ වේදනාවන් අඩුකර දියවැඩියාව, පිළිකා, හෘද රෝග, විෂාදය ඇතිවීම වළක්වනවා.
කොමඩු – පොටෑසියම් අඩංගුයි. බඩවැල අශ්‍රිත ගැටලු අඩු කරනවා.
පිරිමින්ගේ තාරුණ්‍යය රකින ආහාර
පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් සම්බන්ධව ඇතිවන ගැටලුවට විසඳුම් සෙවීමට ආහාරවලින් විශාල පිහිටක් ලැඛෙනවා. සින්ක්, මැග්නීසියම් මේ අයට නැතිවම බැහැ.
ගෝවා මල් – ගෝවා ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවන්නේ පිරිමි සිරුරින් ඊස්ට්‍රජන් මට්ටම අඩුකරමිනුයි.
බිත්තර කහමද – පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය වැඩි කරනවා. ඒ කොලෙස්ටරෝල් ටෙස්ටොස්ටෙරෝන් බවට පත් කිරීමෙන්.
පොත්ත සහිත ධාන්‍ය – රතු කැකුළු, බාර්ලි වැනි ධාන්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත්. මේ වායේ අඩංගු ෆයිටොරසායන පුරස්ථ ග්‍රන්ථියේ සෞඛ්‍ය සුරකිනවා.
තක්කාලි – මෙහි අඩංගු ලිසෝපීන් පිළිකා අවදානම අඩු කරනවා
කොමඩු – පොටෑසියම් වලින් පොහොසත් මේ පලතුර ආඝාතය, රුධිර පීඩනය අඩු කරනවා.
බිම්මල් – සින්ක් ඌනතාව ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීමට බලපානවා. බිම්මල් සින්ක්වලින් පොහොසත්. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කිරීමට වාගේම කායික සතුට වැඩි කිරීමටත් මෙය උදව් වෙනවා. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙන් ආරක්ෂා කරනවා
source - wishma lokaya
No comments:
Post a Comment