සුදු ළුණු තුල අඩංගු වන සුවහසක් රෝග සුව කිරීමේ බලය නිසා සුදු ළුණු මෙලොව මිනිස් සෞඛ්‍යයට ඉතාමත් ප්‍රයෝජනවත්ම ආහාරය බවට අපිට පහසුවෙන් නම් කරන්න පුළුවන්. මෙම නිසාම ඔබ දිනපතා සුදුළුණු ඍජුව හා වක්‍රාකාරව ආහාරයට එක් කර ගැනීම කරනවා නම් ඔබේ සෞඛ්‍ය ඉතාමත් යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යන්න හැකියාව ලැඛෙනවා. සුදු ළුණු මගින් සුවය ලබා දෙන රෝග අතරේ අක්මාව සම්බන්ධ ගැටළු හා විෂබීජ මර්ධනය කිරීම , ලේ පිරිසිදු කර දීම , කොණ්ඩයට අවශ්‍ය පෝෂනය ලබා දී තට්ටය පැදීම වැලැක්වීම , උන සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම වගේම අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම දක්වන්න පුළුවන්.
සුදු ළුණු ගැන තවත් ඔබ නොදන්නා කතාවක් අද විශ්ම ලෝකයෙන් ඔබට කියන්නම්. අතීතයේ පිරමිඩ සාදපු ඊජිප්තු ජාතිකයන් සුදු ළුණු බික් හැපීමට පුරුදු වෙලා ඉදලා තියෙනවා. තම වෙහෙසෙන සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන දිගු කාලයක් ජිවත් වෙන්න අවශ්‍ය ශක්තිය සුදු ළුණු හැපීම මගින් ඔවුන් ලබා ගෙන තියෙනවා. සුදු ළුණු වල තිඛෙන බලවත්ම පෝෂණ සංගටකය වන්නේ Allicine කියන දේ. මෙය සුදු ළුණු බිකක් තැලීම මගින් ලබා ගන්න පුළුවන්. හැබැයි සුදු ළුණු පිසීමේදී මේ Allicine විනාශ වෙනවා. තලා ගත් සුදු ළුණු විනාඩි 15ක් පමණ තබා ආහාරයට ගැනීමෙන් මේ විශ්මිත Allicine සන්ගටකයේ ගුණය ඔබ සිරුරට ලබා ගත හැකියි.
ලොව සමහර ප්‍රදේශ වල ජිවත් වන්නන් නින්දට යාමට පෙර සුදු ළුණු කැබැල්ලක් තම නිදන කොට්ටය යටින් තබා ගන්නවා. මෙසේ සිදු කිරීම මගින් සුව බර නින්දක් ලැඛෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම ලොව සමහරක් රටවල් වල මිනිසුන් සුදු ළුණු තම සාක්කුවේ දමා ගෙන යාමට ප්‍රිය කරනවා. එසේ සිදු කිරීම මගින් ඔවුන්ගේ ජිවිත වලට වාසනාව ලැඛෙන බව ඔවුන් තදින් විශ්වාස කරනවා. ඔබත් මේ සරල ක්‍රම වේද උත්සාහ කර බලන්න. සුදු ළුණු කැබැල්ලක් ඔබේ කොට්ටය යටින් හෝ සාක්කුවේ දමා ගැනීම මගින් ඔබ වටා ඇති සියලු රිනාත්මක බලවේග ඉවත් කරගෙන රාත්‍රී සුවබර නින්දක් ලබා ගන්න. ජිවිතයට වාසනාව උදා කර ගන්න. ඔබට ජය
source - wishma lokaya
source - wishma lokaya
No comments:
Post a Comment